Connect with us

ඡායාරූප සටහන

ඈන් කුමරිය – ජනපති හමු වෙයි  (ඡායා)

Published

on

මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 

කොටුව ජනාධිපති මන්දිරයට පැමිණි ඈන් කුමරිය ඇතුලු රාජකීය දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව ඈන් කුමරිය ඇතුලු පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමඟ සුහද කථා බහකට එක් විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඈන් කුමරිය ජනාධිපති මන්දිරයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සටහනක්ද තැබීය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

අස්වැසුම ඉලොක්ට්‍රොනික ක්‍රමවේදයට(ඡායා)

Published

on

By

අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයට පමණක් සිදු කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබේ.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දරිද්‍රතාවය පරික්ෂා කර බලා තීරණය කළ හැකි නිර්ණායක වලට මුලිකත්වය ලබා දෙන ලෙස ද එම නිර්දේශ අතර ඇතුළත්ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී භාවිතාකරන නිර්ණායකවල විශාල ගැටලු පවතින බව සහ විධිමත් බවක් නොමැති බව පෙන්වා දුන් කාරක සභාව ඒව හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙසටද උපදස් ලබාදෙන ලදී.

ඒහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට භාවිතා කරන ලකුණු ලබාදීමේ ක්‍රමවේදයද ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාව හමුවේ පැවසූහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී එම පුද්ගලයින්ගේ අතින් දත්ත සටහන් කරගැනීම ඔස්සේ විශාල දුෂණ අක්‍රමිකතා සිදුවන ආකාරය පිළිබඳව කාරක සභා සාමාජිකයින් මෙහිදී කරුණු දක්වමින් පෙන්වා දුන්හ. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදීද අවශ්‍ය දත්ත ලබාගැනීමේ සිට සමස්ත ක්‍රියාවලියම ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය පමණක් භාවිතා කරමින් සිදු කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශයක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ලබාදෙන ලදී.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම ආශ්‍රිතව ඉදරිපත් වී ඇති අක්‍රමිකතා සඳහා විධිමත් ලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාවේ අප්‍රසාදය පලවිය. එලෙස නෛතික ක්‍රියාමාර්ග නොගැනීම ඔස්සේ තව තවත් දුෂණ අක්‍රමිකතා සිදුවන
බවත් එය අස්වැසුම ප්‍රතිලාභ නිවැරදිම පුද්ගලයින් සඳහා හිමිවීමට දැඩි බාධාවක් ඇති කරන බවත් කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව ලැබෙන පැමිණිලි විභාග කර ඒ සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රවුෆ් හකීම්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ,ගරු එම්. ඒ. සුමන්තිරන් ,ගරු මහින්දානන්ද අලුත්ගමගේ , ගරු නිමල් ලාන්සා , ගරු මධුර විතානගේ, ගරු මයන්ත දිසානායක යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

“ජනපතිවරණයට සල්ලිත් වෙන් කර අවසන්”(ඡායා)

Published

on

By

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව  පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි.”

Continue Reading

ඡායාරූප සටහන

කොළඹින් පසු ශක්තිමත්ම සෞඛ්‍ය සේවාව උතුරට(ඡායා)

Published

on

By

නෙදර්ලන්ත රජයේ සහයෝගය මත රුපියල් මිලියන 3329ක වියදමින්  වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ  ඉදිකළ හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

යහපාලන රජය යටතේ 2019 වසරේදී එවකට අග්‍රාමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

මෙම නව තෙමහල් ගොඩනැඟිල්ල හෘද රෝග ඒකකය, හෘද කැතීටකරණ රසායනාගාරය (Cath Lab), හෘද උරස් ශල්‍යාගාරය (Cardiothoracic theatre), හෘද දැඩි සත්කාර ඒකකය (Cardiac ICU), එකෝ කාඩියෝග්‍රැෆි (Echo Cardiography), ව්‍යායාම විද්‍යුත් කන්තුක රේඛන (Exercise ECG), ජංගම රුධිර පීඩන අධීක්ෂණ ඒකකය (Ambulatory BP monitoring), ජංගම විද්‍යුත් කන්තුක රේඛන (Ambulatory ECG  monitoring) අධීක්ෂණ ඒකකය ආදී නවීන පහසුකම්වලින් සම්නවිතය.

වකුගඩු රෝග ඒකකය සඳහා රුධිර කාන්දුපෙරණ ඒකකය, ස්කෑන් කාමරය සහ වකුගඩු රෝගීන් සඳහා විශේෂ පහසුකම් කාමරය සහ ශල්‍ය ඒකකය ආදී පහසුකම් ඇතුළත් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved