Connect with us

පුවත්

ඉන්දියාවේ පරණ එංජින් දෙකක් ගන්න ලංකාවෙන් 65ක් ගිහින්

Published

on

ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන ඩීසල් දුම්රිය එන්ජින් දෙකක් ලංකාවට රැගෙන ඒමට පෙර ඒවා පරීක්ෂා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 65 දෙනකු ඉන්දියාවට යෑමට සැරසෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ හෙළිකරති.

දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් පවසන ආකාරයට දුම්රිය විද්‍යුත්කරණය නිසා ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන ඩීසල් එන්ජින් 20ක් ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දියාව සැරසෙයි.

ලංකාවට පළමුව එවන්නේ ඉන් එන්ජින් දෙකකි. 

එම එන්ජින් දෙක පරීක්ෂා කිරීමට මේ 65 දෙනා යෑමට නියමිත බව ද ඒ ඉංජිනේරුවෝ පවසති.

දුම්රිය එන්ජින් 20ක් නොව 100ක් පරීක්ෂා කිරීමට වුවත් ටෙක්නිකල්, මැකනිකල්, ඉලෙක්ට්‍රික් සහ සිවිල් යන ක්ෂේත්‍ර හතරෙන් ප්‍රවීණ ඉංජිනේරුවන් හතරදෙනකු පමණක් යෑම ප්‍රමාණවත් බව ද ඒ ඉංජිනේරුවෝ පෙන්වාදෙති.

ඉන්දියන් දුම්රිය එන්ජින් දිග වැඩිකම, බර වැඩිකම සහ ඇක්ෂල් ලෝඩ් සමාන නැතිකම නිසා නිතර පීලිපනින බව පෙන්වාදෙන ඒ ඉංජිනේරුවෝ, ඉන්දියාව පාවිච්චියෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට පිනට දෙන්නේ අමතර කොටස් අලෙවිය අරමුණු කරගෙන බව ද පවසති.

එහෙයින් ඉන්දියාව පිනට දෙන දුම්රිය එන්ජින් භාරගැනීමෙන් ලංකාවේ දුම්රිය සේවයේ පැවැත්ම ඉන්දියාව මතම තීරණයවන තත්ත්වයක් නිර්මාණය වන බව ද ඔවුහු පෙන්වාදෙති.

අමතර කොටස් අලෙවි කරගැනීමේ අරමුණෙන් ඉන්දියාව දුම්රිය එන්ජින් නොමිලේ දෙන උගුලට හසුනොවී ලංකාව දැනට තමන් සතු ජපන්, ජර්මන් සහ කැනේඩියන් දුම්රිය එන්ජින් නවීකරණය කරගත යුතු බව පෙන්වා දෙන ඉංජිනේරුවෝ, නවීකරණයෙන් එන්ජින් අලුත්ම තත්ත්වයට පත්කළ හැකි සුපිරි දක්ෂයන් රත්මලාන වැඩපොළේ සිටින බව ද හෙළිකරති.

2004 දී සුනාමියට හසු වූ කැනේඩියන් දුම්රිය එන්ජිම අදටත් ධාවනය කෙරෙන්නේ රත්මලාන වැඩපොළේ කාර්මිකයන්ගේ දක්ෂතා ලොවට හෙළිකරමින් බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෝ පෙන්වාදෙති.‍

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වන්නේ අදාළ පරණ දුම්රිය එංජින් ලංකාවට නොමිලේ ලබාදෙන බවට මෙතෙක් ඉන්දියාවේ එකඟතාවයක් නොමැති බවයි.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved