Connect with us

පුවත්

බාර් පර්මිට් ගාස්තු ඉහල දැමීම ජනපති එනතෙක් රිවස්

Published

on

ඉහළ දැමූ සුරාබදු බලපත්‍ර ගාස්තුව යළි සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

මත්පැන් නිෂ්පාදන සමාගම් සහ සංගම්වල විරෝධතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා කියා සිටී. 

විදේශ සංචාරයක නිරත ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

අදාළ ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව තල් අරක්කු හැර සෙසු අරක්කු සඳහා පැවැති රුපියල් ලක්‍ෂ 10ක වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ දමා තිබේ.

රුපියල් දෙලක්ෂ පනස්දහසක්ව පැවති තල් අරක්කු ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති අතර රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 10 සිට රුපියල් කෝටිය දක්වා ඉහළ නංවා තිබේ.

විනාකිරි නිෂ්පාදනාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 25ක් දක්වාත් රුපියල් ලක්‍ෂ 10 ක්ව පැවැති මත්පැන් සඳහා වාර්ෂික තොග වෙළෙඳ බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 50ක් වේ.

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ගාස්තුව මහ නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක්, නගර සභා ප්‍රදේශ සඳහා රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක්, අනෙකුත් ප්‍රදේශවලට රුපියල් කෝටියක් ලෙසද ඉහළ නංවා ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම හෝටල් සඳහා ලබාදෙන මත්පැන් බලපත්‍ර ගාස්තුද සංශෝධනය කර ඇති අතර කාමර 200ක් හෝ ඊට වැඩි හෝටල් සඳහා රුපියල් ලක්ෂ 10 දක්වාත්, කාමර 20 සිට 199 දක්වා රුපියල් ලක්ෂ 05 ක්, කාමර 20ට අඩු හෝටල් සඳහා රුපියල් දෙලක්ෂ පනස්දහසක්ද වශයෙන් බලපත්‍ර ගාස්තු ඉහළ නැංවේ.

රුපියල් ලක්ෂයක්ව පැවති තානායම් බලපත්‍ර ගාස්තුව ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් සමාජ ශාලා සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීමේ ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව රුපියල් ලක්ෂ 05 ක්ව පැවැති හිමිකාර සමාජ ශාලා බලපත්‍ර ගාස්තුව රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා අඩුකර තිබේ.

එමෙන්ම සම්භාෂණ හා විනෝද කාර්යයන් සඳහා වන සමාජ ශාලා සඳහා වූ රුපියල් දෙලක්ෂ පනස් දහසේ බලපත්‍ර ගාස්තුවේ වෙනසක් නොවේ.

මේ අතර, කැසිනෝ සූදූ ව්‍යාපාරවල නිරතවීම සඳහා වන බලපත්‍ර ගාස්තුද ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වේ.

(අරුණ)

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved