Connect with us

පුවත්

බෝසතාට ඇප දුන්නොත් මහජන කැළඹිල්ලක්; අගසව්ලා  2ක් දොස්තරලා

Published

on

අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16) දැනුම් දුන්නේය.

අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගත් කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැති සැකකරුගේ අගසව්වරුන් ලෙස කටයුතු කළ 05 දෙනාගෙන්, දෙදෙනකු වෛද්‍යවරුන් බව අනාවරණය වී ඇතැයිද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත දන්වා සිටියේය.

මෙම සැකකරුට විදේශ රටවල වෙසෙන ඔහුගේ අනුගාමිකයන්ගෙන් සහ මෙරට පුද්ගලයන්ගෙන් විශාල වශයෙන් මුදල් ලැබී ඇතැයි දන්වා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්, ඒ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වන බවද අධිකරණයට දන්වා සිටියේය.

අදාළ නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි බෝධිසත්වයකු ලෙස හඳුන්වා ගන්නා සැකකරුගේ ඉරියව් මහෙස්ත්‍රාත්වරයාගේ දැඩි නිරීක්ෂණයට ලක් වී තිබුණි.

‘‘මෙම නඩුව විභාග වන අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ අංගතුලාවන් අධිකරණයේ අවධානයට යොමු වුණා. ඒ තුළින් පැහැදිලි වනුයේ සැකකරු මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙන බවයි. ඒ පිළිබඳව අධිකරණය නිරීක්ෂණය කළා’’ යැයි මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

සැකකරුට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 24 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.

සැකකරුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාරය මගින් අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාදෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා අංගොඩ මානසික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved