විදෙස් රටවල සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම විදෙස් රටවල් සමග සාකච්ඡා කොට වැඩපිළිවෙලක්සකසා ගන්නා ලෙසත් අපරාධ මර්ධනය සඳහා දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ ආශීර්වාදය හිමිවන බවත් මල්වතුපාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පැවසූහ.
මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් ඒ බව අවධාරණය කර සිටියේ යුක්තිය මෙහෙයුම ආරම්භවී මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (17) ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහානා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
එහිදී මල්වතු මහානා හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා ආරම්භ කොට ඇති එම මෙහෙයුම මෙරට සමස්ත ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙළක් බවත් එය අඛණ්ඩව සිදුවිය යුතු බවත්ය එහිදී මහා නායක හිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය ටිරන් අලස් මහතා පවසා සිටියේ යුක්තිය මෙහෙයුම ආරම්භ වී මසක් වැනි
කෙටි කාලයක් තුළදී බලාපොරොත්තුවූ ඉලක්ක රැසකට ළඟාවීමට හැකි වූ බවයි.
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් සිදුකොට සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි රජය සමඟ සාකච්ඡා කළ බවද අලස් මහතා එහිදී මහානාහිමිවරුන් හමුවේ අවධාරණය කරමින් නම ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තරයට රතු නිවේදන නිකුත්කොට ඇති බවද පැවසීය.
මහජන ආරක්ෂක අමාත්යටිරාන් අලස් මහතා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් ද මල්වතු අස්ගිරි අනූනාහිමිවරුන් ද බැහැදුටුවේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත්භාර නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.