Connect with us

පුවත්

නාරම්මල පොලිස් වෙඩි තැබීම ගැන ආන්දෝලනාත්මක වීඩියෝවක්

Published

on

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසුව ඊයේ (18) රාත්‍රියේ නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ එම සිද්ධියට විරෝධය පළ කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් නාරම්මල පොලිසිය ඉදිරිපිට ඊයේ (18) රාත්‍රියේ රැස්වී කළහාකාරී ලෙස හැසිරීම නිසාය. 

ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන තිබුණි.

ඊයේ සවස් කාලයේදී නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීයෙකුගේ ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබුණි.

 ඊයේ පස්වරුවේ නාරම්මල පොලීසියේ නිළධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර එම රථය අණ නොතකා ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇති බව සඳහන් ය.

වෙඩි වැදීමෙන් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර අදාළ වෙඩි තැබීමෙන් පසුව එම නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙමින් තිබේ.

අදාළ වීඩියෝව පහත දැක්වේ.

පුවත්

ගම්මන්පිලගේ විදේශ ගමන් තහනම ඉවතට

Published

on

By

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ.

උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, ඉකුත් මාර්තු මස 24 වනදා කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය.

ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉනෝකා පෙරේරා මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා උදය ගම්මන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයාට නියෝග කළේය.

Continue Reading

පුවත්

හජ් උත්සව දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා දින දෙකක නිවාඩුවක්

Published

on

By

2025 ජුනි 06 සහ 2025 ජුනි 09 යන දිනවල මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම ඉදිරියේදී සිදුකරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුව තුල කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් පිහිටුවීමේ යෝජනාවක්

Published

on

By

දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළීබද මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සදහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කරන ලදි.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම යන මහත්වරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනාව පිළිබද සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළගට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved