Connect with us

පුවත්

ජනපති උගණ්ඩාවෙදිත් ඉන්දීය නායකයෙක් මුණගැහිලා;  ටෙලිකොම් එකත් ඉන්දියාවට!

Published

on

නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව උගන්ඩාවේ කම්පාලා නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා අතර සාකච්ඡාවක් සිදුව ඇතැයි වාර්තා වේ. 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා X පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවීමට ලැබීම සතුටක් බවයි.

ඊට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවී තිබේ.

එසේම,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) මහතා අතර හමුවක් ද සිදුව ඇත.

මෙහිදී දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සුහදශීලිව පිළිගත් බවත්, අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ බවත් ජනපති මාධ්‍ය අංශය කියා සිටී. 

මේ අතර ටැන්සානියාවේ අග්‍රාමාත්‍ය කසීම් මජලිවා ( Kassim Majaliwa ) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ සාකච්ඡා සිදු කළ බව පැවසේ.

එමෙන්ම බහමාස් අග්‍රාමාත්‍ය පිලිප් ඊ. ඩේවිස් ( Philip E. Davis) ,  ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) , බෙනින් ජන රජයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්ම මහත්මීන්  ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා වල නිරත වූ බව වාර්තා වේ.

ටෙලිකොම් ඉන්දියාවට

මේ අතර, දකුණු ආසියාවේ ප්‍රධානතම දුරකථන සේවා මෙහෙයුම්කරු ලෙස සැලකෙන ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් J.I.O. සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා සිය අභිලාෂය ලිඛිතව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ සුප්‍රකට ‘රිලයන්ස්’ දුරකථන සේවා සැපයුම්කරු වන J.I.O. සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක වත්කම් සහිත සමාගමකි. එසේම ඔවුනගේ ආදායම් වාර්තා අනුව 2023 වසරේ සමාගමේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 කි. (ඩොලර් කෝටි 240 කි.)

එම සමාගම අඩු ගාස්තු යටතේ සේවා සැපයුම ගැන ප්‍රසිද්ධියක් උසුලයි. 

දැනට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම් කොටස්වලින් 51% ක් රජය සතුය. ඉතිරි 49% ක කොටස් මැලේසියාවේ සුප්‍රකට ව්‍යාපාරික ජී. ආනන්ද ක්‍රිෂ්ණන්ට අයත් මැක්සීස් සමාගම සතුය.

J.I.O සමාගම හැර තවත් සමාගම් දෙකක් ශ්‍රී ලංකා ටෙලිකොම් සඳහා සිය අභිලාෂයන් ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved