Connect with us

කලා

දර්ශන් මුනිදාසට ජපානයෙන් හරසර

Published

on

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති – මිසුකොෂි හිදෙඅකි මහතා විසින් ඊයේ (30) දිනයේදී ශ්‍රී ලංකාවේ ජපන් ආහාර ප්‍රවර්ධනය සඳහා දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් “නිහොන්බෂි”  (“Nihonbashi”) අවන්හලේ ප්‍රධාන විධායක නිලධාරී සහ හිමිකරු දර්ශන් මුනිදාස මහතා වෙත “The Order of the Rising Sun, Gold and Silver Rays” සම්මානය ප්‍රදානය කරන ලදී.

දර්ශන් මුනිදාස මහතා 1995 දී ඔහුගේ සුප්‍රසිද්ධ ජපන් අවන්හලක් වන “නිහොන්බෂි” ආරම්භ කළ දා සිට ශ්‍රී ලාංකීය උරුවට ගැලපෙන ලෙස ජපන් ආහාර  විද්‍යාවේ සූක්ෂ්මතාවයන් හඳුන්වා දීමේ මගපෙන්වන්නෙකු විය. උසස්ම තත්ත්වයේ ජපන් අමුද්‍රව්‍ය සපයා ගැනීමට ඔහු දක්වන කැපවීම සහ සාම්ප්‍රදායික ජපන් සූපශාස්ත්‍ර ශිල්පීය ක්‍රම ආරක්ෂා කිරීමට ඇති කැපවීම තුළින් මුනිදාස මහතා ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුව තවදුරටත් වර්ධනය කරමින් අනුග්‍රාහකයින් සඳහා භෝජන අත්දැකීම ඉහළ නංවා ඇත.

මුනිදාස මහතා විසින් ජපන් අවන්හලක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, යුනෙස්කෝවේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයක් ලෙස ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටත පිළිගත් “washoku” ඇතුළු ජපන් ආහාර සහ සංස්කෘතිය අවබෝධ කර ගැනීම, ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා දීර්ඝකාලීන දායකත්වය ලබා දීම පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී ප්‍රශංසා කළේය. මීට අමතරව, මෑත මුලපිරීම්වල කොටසක් ලෙස, ශ්‍රී ලාංකීය උත්සව නරඹන්නන් බොහෝ දෙනෙකුට ජපන් ආහාර අත්විඳීමට අවස්ථාවක්  සපයමින් වසර දෙකක් අඛණ්ඩව මහරගම පැවති ජපානයේ සංස්කෘතික උත්සවයක් වන Bon Odori උත්සවයේදී සම්ප්‍රදායික ගෙදර පිසූ ජපන් කෑම වර්ග පිරිනැමීමට මුනිදාස මහතා ගත් උත්සාහය තානාපතිවරයා මෙහිදී තවදුරටත් ඉස්මතු කළේය.

“The Order of the Rising Sun” සම්මානය, ජපානය සමඟ මිත්‍ර සබඳතා වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය ජාතිකයින්ට ජපානයේ අධිරාජයා විසින් පිරිනමනු ලැබෙන අතර, මෙම සුවිශේෂී අවස්ථාවත් සමගම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved