Connect with us

පුවත්

පොදු ජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය චන්ද්‍රිකාට

Published

on

පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පත් කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තිසර ගුණසිංහ මහතා සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඊයේ (06) පැවති එහි විධායක සභා රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් යටතේ පුටුව ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීමට නියමිතව තිබේ.

පොදුජන පෙරමුණු ව්‍යවස්ථා සංශෝධනය යටතේ නායකත්ව මණ්ඩලයේ 25% ක නියෝජනයක් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 50% ක බලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවන බව ද තිසර ගුණසිංහ මහතා කීය.

ඔහු සඳහන් කළේ, පොදුජන එක්සත් පෙරමුණේ නව නිලධාරී මණ්ඩලය ලබන 22 වැනි දා පත් කිරීමට ද තීරණය කළ බවයි.

ඒ අනුව පක්ෂයේ ලේකම් ධුරයට නව පුද්ගලයෙකු පත් කිරීමට නියමිතය.

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved