Connect with us

පුවත්

මාධ්‍යවේදීන් මර්ධනයට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කිරීම ගැන මාධ්‍යවේදී එකමුතුවේ පිළිකුළ

Published

on

‘ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන ඔන්ලයින් පනතේ නෑ, කතානායක අත්සන යෙදීමට පෙර පක්ෂ නායක රැස්වීමක් ඕනෑ, විපක්ෂයෙන් දැඩි ඉල්ලීමක්’ යන උදෘතයෙන් ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ කරන ලද පුවත නිසා එම පනතට ඡන්දය දුන් මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ වරප්‍රසාද කඩවී ඇති බව නිශ්චය කරමින් එය වරප්‍රසාද ප්‍රශ්නයක් වශයෙන් කමිටුවට ඉදිරිපත් කළ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගන්නා ලද එම තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුව සිය අප්‍රසාදය පලකර තිබේ.

ඒ මහතාට ලිපියක් යොමුකරමින් මාධ්‍ය සංවිධාන එකතුව කියා සිටින්නේ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද කමිටුව හමුවට ජනාමාධ්‍යවේදීන් කැඳවූ අවස්ථා මෙන්ම කැඳවීමට උත්සාහ ගත් අවස්ථා පෙර ද තිබූ බවත් ඒ සෑම අවස්ථාවකම ඒ සම්බන්ධයෙන් සිය විරෝධය හා පිළිකුල පළකළ බවත්, සිය සංගමය තවමත් එම ස්ථාවරයේම සිටින බවත් සඳහන් කරයි.

එසේම, ලංකාදීප පුවත්පත පළකර තිබූ එම පුවත අසත්‍ය තොරතුරු මත පදනම්ව ලියාඇති ප්‍රවෘත්ති වාර්තාවක් නොවන බවත්, එම වාර්තාව මගින් උත්සාහ දරා ඇත්තේ ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇති බරපතල අඩුපාඩු රටේ පුරවැසියන්ගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

එය ජනමාධ්‍යයට පැවැරෙන සමාජ වගකීම ඉටුකිරීමක් බවද එම එකමුතුව කියා තිබේ.

පනත් කෙටුම්පතේ පැවැති දුර්වලතා නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍ය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විපක්ෂය ආරම්භයේදීම ගරු කථානායකවරයා වශයෙන් ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටි අතර පනත විවාදයට ගැනීමට පෙරත්, එම ඉල්ලීම් නොසලකා එය විවාදයට ගැනීමට තිරණය කිරීමෙන් පසුවත් අවස්ථා ගණනාවකදීම විපක්ෂය ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ඉල්ලා සිටි බව මේ වනවිට රටම දන්නා සත්‍යයක් බවද එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved