Connect with us

පුවත්

යාපාට එරෙහි විශ්වාසභංගයට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවේ සහය

Published

on

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව  සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය කර ඇත

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම  මහතා පැවසුවේ එම විශ්වාසභංග යෝජනාවට අනිවාර්යයෙන්ම  සහාය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක සිවඥානම් සිරිතරන් මහතා පැවසූවේ පක්ෂය ඉදිරියේදී රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවේ  යෝජනාවට සහාය පළකරන බවයි

මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතතාව  පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කර ඇති හෙයින්  ඔහුට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්  කරන බව සමග ජන බලවේගය පක්ෂය පවසයි.

මෙම විශ්වාසභංග  යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මේ සතියේදී බාරදීමට නියමිතය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved