Connect with us

පුවත්

“මහ බැංකු හොරකමට අවුරුදු 9යි; නීතිපතිගෙන් තවම නඩු නෑ”

Published

on

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදු වී 2024 පෙබරවාරි 27 වැනිදාට වසර නවයක් ගතවී ඇතත් නීතිපති දෙපාර්තමේන්තුව චූදිතයන්ට නඩු නොදමන්නේ ඇයිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්රමරත්න මහතා විමසා සිටී.

කොළඹ වීපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව විමසා සිටියේය.

ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් මේ රටට අවශ්‍ය බව තමා ප්‍රකාශ කරන්නේ එම නිසා යැයි අවධාරණය කළ හෙතම විපක්ෂයේ ඉන්නා විට රට වටා ගොස් බැඳුම්කර හොරු අල්ලනවා යැයි බෙරිහන් දුන් අය ආණ්ඩු පක්ෂයට පැමිණි දා සිට ඒවා යට ගසා නිශ්ශබ්දව සිටිනවා යැයි ද ඔහු කීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“මහ බැංකුව විසින් පාලිත අර්ථ සාධක අරමුදල පිළිබඳව වෝහාරික පරීක්ෂණත් පැවත්වූවා. 2002 සිට 2015 ට බැඳුම්කර වෙලඳපොළ තුළ රුපියල් බිලියන 9.8 ක අලාභයක් තිබූ බව වාර්තාවකින් හෙළිකර තිබුණා. ඒ වගේම 1998 සිට 2017 වන තෙක් කොටස් වෙළඳපොළේ රු බිලියන 9.9 ක අලාභයක් සිදු වූ බව වෝහාරික විගණන පරීක්ෂණ වාර්තාවේ සඳහන් වුණා.

මහ බැංකුවේ මහ දවාලේ මහා මංකොල්ලය යැයි එදා විපක්ෂයේ සිටි රාජපක්ෂවරු හා ඔවුන්ගේ සහචරයන්, එකල රජයේ අගමැති හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට, මහ බැංකුවේ අධිපතිතුමාට චෝදනා එල්ල කළහ. නමුත් අද වන විට ඔවුන් සියලු දෙනා, එනම් බැඳුම්කර සොරකමට  චෝදනා කළ අයයි චෝදනාවට ලක්වූ අයයි එකට ආණ්ඩු කරනවා

අපේ රටේ නීතිපතිදෙපාර් තමේන්තුව ස්වාධීන නම් අනිවාර් යයෙන් බැඳුම්කර චූදිතයන්ට නඩු දැමිය යුතුව තිබුණි. නීතිපති දෙපාර් තමේන්තුව සොරුන් ආරක්ෂා කරන වැඩ පිළිවෙලක ද ඉන්නේ.?. මහ බැංකුවේ බැඳුමකර සොරකම සිදුවී වසර නවයක් ගතවී ඇතත් තවමත් නඩු නොපවරන්නේ ඇයි දැයි ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.”

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved