Connect with us

පුවත්

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

Published

on

මෙම වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) පස්වරුවේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

එය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

“අපට එහි අග භාගය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන්. චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පස්වරු 1.32කට. එහි ග්‍රහණ මධ්‍ය 4.29ට. ග්‍රහණ අවසානය 5.27ට. නමුත් ග්‍රහණ ආරම්භයත් අපට දිස්වන්නේ නෑ. මොකද ක්ෂිතිජයට පහළින් චන්ද්‍රයා පිහිටන නිසා. චන්ද්‍ර උදාව ලංකාවට දිස්වන්නේ මේ දිනයේ දී 5.48ට උතුරුට බරව නැගෙනහිර දිසාවෙන්. ග්‍රහණයත් සමගමයි චන්ද්‍රයා උදාවෙන්නේ. 5.48 සිට 6.19 වෙනකන්. විනාඩි 31ක වගේ කාලයක්. අර්ධ චන්ද්‍රග්‍රහණය අපට නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් අපට දැකගත හැකි වෙනවා.”
(අද දෙරණ)

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved