Connect with us

පුවත්

බදු නොගෙවූ මනූෂට නොතීසි!

Published

on

පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස 02 දින අධිකරණය හමුවේ පෙනී  සිටින්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස්වරයා 2022 වසරේදී ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් පසුව අධිකරණයේ පෙනී නොසිටි මනුෂ නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනාට මෙසේ නැවත නොතීසි නිකුත් කළේය.

හයිඩ් අන්කොමන් සමාගමේ අධ්‍යක්ෂවරුන්ව සිට  රුපියල් 8321819.00 බදු ගෙවීම පැහැර හැර ඇතැයි සඳහන් කරමින් වැට් බදු අයකරගැනීමේ පනත ප්‍රකාරව මෙම නඩුව පවරා තිබිණි.

2010 පෙබරවාරි,2011 ජූලි මස සහ සැප්තැම්බර් මසඅතර කාලයට සහ 2012අප්‍රේයල් හා ජුනි මස අතර කාලයට බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2002අංක 14 දරණ එකතු කල අගය මතු බදු පනත යටතේ මෙම නඩු පවරා තිබිණි.

(ලංකාදීප)

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved