Connect with us

පුවත්

IMF එක අද මාලිමා නියෝජිතයෝ හමුවෙයි!

Published

on

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද (14) දින හමුවීමට බලාපොරොත්තු වන බව ජාතික ජන බලවේගය (මාලිමාව) පවසයි.

එහි ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටින්නේ මේ හමුව අද පෙරවරු 10.00ට සිදුවනු ඇති බවය.

ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකිරීමට කටයුතු කරන බව සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මේ අතර යෝජිත රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ සහ අධීක්ෂණ පනත් කෙටුම්පත ඉවත දමන ලෙසත් ඔන්ලයින් ආරක්ෂණ පනතට තහනමක් පනවන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වාදෙන්නේ මානව හිමිකම් ප්‍රමිතීන්ට ගරු කරන බව සහතික කිරීම සඳහා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කරන ලෙසට ද ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ යුතු බවය.

සිවිල් සමාජය දැඩි ලෙස පීඩාවට පත්කරන සහ රට තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල කඩා කප්පල් කරනු ලබන අදාළ පනත් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය අදාළ ලිපියෙන් දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සිය වැඩසටහනේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාවය ආරක්ෂා කිරීමට නම් යෝජිත අදාළ පනත් කෙටුම්පත් සංශෝධනය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved