Connect with us

ක්‍රීඩා

තරග පාවාදෙන්න බලපෑම් කළ ක්‍රිකට් කළමනාකරුවන් 2කට රටින් පිටවීම තහනම් කරයි

Published

on

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන “ලෙජන්ට් ක්‍රිකට් කුසලාන  2024” තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට  බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නිකුත් කළේය.

ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති  ලෙජන්ට් තරග ක්‍රිඩක උපුල් තරංග වරුෂ විතාන සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් කරන ලද පැමිණිලි අනුව විමර්ශනය ඒකකය ගොනු කළ සලකා බැලීමෙන් පසුව මෙම තහනම නිකුත් කෙරිණි.

ඉන්දියානු කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායෙකුයයි කියන පැචලෝඩියා ආකාශ් සැකකරුවන්ට පැනවූ මෙම තහනම මාසයක් බල පැවැත්වේ.

මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

ලීග් කණ්ඩායම් වන රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස්  සහ ඩුබායි ජයන්ට්ස් ය‍න කණ්ඩායම් තරඟ වදින අතර පංජාබ් රෝයල්  සහ කෑන්ඩි  වොරියර්ස් කණ්ඩායම් සඳහා මෙම බලපෑම් එල්ල වී ඇති බව පැවසේ .

සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය ට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර මෙම තරඟ පාවා දීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය කරුණු වාර්තා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලි ද (අයි සී සී) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බව පැවසේ.

සැකකාර පචලෝඩියා ආකාශ නවසීලන්ත ක්‍රීඩකයාව සිය කාමරය වෙත කැඳවා කාමරය විවෘත නොකරම තනි ඉලක්කමේ ලකුණකට ඉලක්කම් දෙකක පන්දුවකදී දැවීයන ලෙසට දැනුම් දී ඇති බව මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය විය ඇත.

ප්‍රවීන ක්‍රීඩකයින් එකසිය විස්සක් සහභාගි වන මෙම තරගාවළියේදී මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු ඇල්ලීම වැනි වැරදි සම්බන්ධයෙන් බලපෑම් එල්ල වන්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බවද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය කරුණු ඉදිරිපත් කර ඇත.

(ලංකාදීප)

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading

ක්‍රීඩා

දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න දෙයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (ජුනි 25දා) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වියහැකි වේ.

මෙම තරගය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved