Connect with us

පුවත්

මැටි ඇමති පොහොට්ටු ලේකම්ට ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැනලා!

Published

on

පාර්ලිමේන්තුවේ කෝපා කමිටුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාට ඊයේ (08) කුණුහරුපෙන් බැණවැදී ඇතැයි වාර්තා වේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ මෙම බැණ වැදීම සිදුකර ඇත.

‘‘මම කෝපා කමිටුවෙන් අයින් කරලා. හේතුව මොකක්ද?’’ රාජ්‍ය ඇමැතිවරයා මහ ලේකම්වරයාගෙන් විමසා තිබේ. ‘‘අගමැතිතුමාගෙන් ඒ ගැන අහන්න’’ සාගර කාරියවසම් මන්ත්‍රීවරයාගේ පිළිතුර වී ඇත.

‘‘මේ වෙලාවේ ප්‍රශ්න ඇතිකරගන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුව රැකගන්න ඕනි. දේශපාලන ප්‍රශන ඇති කරන්න එපා. මම ඉවත් කළේ ඇයි කියලා අම්මට ……… කියපන්’’ රාජ්‍ය ඇමැතිවරයා බැණ වදිමින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් නීතීඥ සාගර කාරියවසම් මහතා පරීක්ෂණයක් අවශ්‍ය බව පොහොට්ටු ප්‍රධානීන්ට දන්වා ඇතැයිද වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කුණුහරු පෙන් බැණවැදීම ප්‍රසිද්ධ කාරණාවක් වන අතර ඔහු පසුගියදා කැලණිය ප්‍රදේශීය සභාවේ සභාවාරයකට පැමිණ එහිදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා, බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාට නිලධාරීන් හා මන්ත්‍රීවරුන් ඉදිරියේ ප්‍රසිද්ධියේ බැණවැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ජනපතිවරයාට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

ඇමතිවරයා මෙසේ බැණවැදී ඇත්තේ කැලණි ප්‍රාදේශීය සභාව විසින් එක් රැස්කරගෙන ඇති බදු මුදල් ඔහුගේ ව්‍යාපාරක් බවට ප්‍රසිද්ධ පාරවල්වලට ගල් ඇල්ලීමේ ව්‍යාපාරයට යොදවන ලෙසට කරන ලද බලපෑමක් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් ගෙනතිබූ තීන්දුවක් සම්බන්ධයෙන් බවද පැවසේ.

ගල් ඇල්ලීම අත්‍යවශ්‍ය කාරණාවක් දැයි විමසමින් මේවන විට ආණ්ඩුකාරවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට ද ජනාධිපතිවරයා කරන ලද පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved