Connect with us

ව්‍යාපාර

සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඉතිහාසයේ වැඩිම ලාභය ලබයි

Published

on

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි.

මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා තිබේ. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ  අභියෝගාත්මක කාලවකවානුව තුළ රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට  සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගී කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයක් තුළ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකිවූ බවයි.

මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂී මඟපෙන්වීමක් ලබා දුන් බවද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත්, මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වාදීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

අපනයන ආදායමේ සැළකිය යුතු පහළ යෑමක්

Published

on

By

පසුගිය වසරේ  (2023)  ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11911 වශයෙන් සටහන් වේ. එය පෙර වසරට (2022) සාපේක්ෂව 9.1%ක පහළ යාමක් බව මහ බැංකුව පෙන්වා දෙයි.

මෙලෙස අපනයන ආදායම පහළ යෑමට ප්‍රධාන හේතුව වූයේ මෙරට තනි අපනයන භාණ්ඩය වන රෙදිපිළි හා ඇඟලුම් ආදායමේ පහල යාම බවද මහ බැංකුව සඳහන් කරයි.

ඉකුත් 2022 වසරට සාපේක්ෂ 2023 වසරේ රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම 18% කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ අපනයන මිල දී ගන්නා ප්‍රධාන රටවල ජීවන වියදම ඉහළ යාම, ආර්ථික අවපාතය හා භූ දේශපාලනික ගැටළු ආදී ගෝලීය සාධක ද මෙම අපනයන ආදායම පහල යාම කෙරෙහි බලපෑම් කර ඇති බව මහ බැංකුව විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

Continue Reading

පුවත්

ලිට්‍රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට පියවරක්

Published

on

By

ලිට්‍රෝ ගෑස් ආයතනයේ මාබිම ප්‍රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය හෙට (08) දවසේ විවෘත කිරීමට නියමිතය.

රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම නව පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතින බව ලිට්‍රෝ ආයතනය පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූයේ,

“නව පිරවුම් පර්යන්තයක් හෙට විවෘත කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට. කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැහැ. දිනකට සිලින්ඩර් 60,000ක් නිකුත් කරනවා. දෙසැම්බර් සිට සතියට දවස් 2ක්. පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම වැඩ. කෙරලවලපිටිය නවත්වන්න ඕන වුණොත්. මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න පුළුවන්.”

Continue Reading

ව්‍යාපාර

ගෑස් මිලත් එක්ක කොත්තු, රයිස් මිලත් බහියි

Published

on

By

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව කොත්තුවක සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රු. 20කින්ද කෙටි ආහාරවල මිල ගණන් රු. 10කින්ද අඩුකළ බව එම සංගමයේ සභාපති, හර්ශන රුක්ෂාන් මහතා පවසයි.

කෙසේවෙතත්, ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් වෙනස් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved