Connect with us

ක්‍රීඩා

ඔලිම්පික් රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල්

Published

on

එළැඹෙන ඔලිම්පික් තරගාවලියේ සිට මලල ක්‍රීඩා ඉසව්වල රන් පදක්කම් ලාභීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව ඔලිම්පික් තරග ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග මුදල් පිරිනමන පළමු ක්‍රීඩා සම්මේලනය බවටද ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පත්වෙයි.

ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් තරගාවලියේ සිට මෙම ත්‍යාග මුදල් ලබෙන අතර, රන් පදක්කම් ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක් හිමිවනු ඇත. මේ අනුව, ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් ත්‍යාග මුදල් ලෙස ලබාදීමට නියමිත සමස්ත මුදල ඩොලර් මිලියන 2.4කි.

මේ අතර, ලොස් ඇන්ජලීස් හි පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් උළෙලේදී රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.

ක්‍රීඩා

ආසියානු සහය දිවීමේ රිදී පදක්කම ලංකාවට

Published

on

By

තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී අද (20) පස්වරුවේ පැවැති මීටර 400×4 මිශ්‍ර සහාය ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3.14.12ක කාලයකදී තරගය නිමාකරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූහ.

අරුණ දර්ශණ, සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර හා නදීෂා රාමනායක යන අයගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත විය.

මෙහි රන් පදක්කම විනාඩි 3.17.00කින් තරගය අවසන් කළ ඉන්දීය කණ්ඩායමත්, ලෝකඩ පදක්කම විනාඩි 3.18.45කින් අවසන් කළ වියට්නාම කණ්ඩායමත් දිනාගත්තේය.

සහාය දිවීමේ ශූරතා තරගාවලියක් ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය.

Continue Reading

ක්‍රීඩා

ඩිලන්ත, GT4 යුරෝපියානු මෝටර් රථ තරගාවලියේ ඉසව්වකින් 2වැනි තැනට

Published

on

By

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 දා ස්පාහිදී පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හිදී යුපුන්ට 4වැනි ස්ථානය

Published

on

By

ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්වට තරගවැදි ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම තරගය තත්ත්පර 10:21කින් නිමා කරමින් එහි සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

කෙසේවුවද, ඔහුට මේ තරගයේදී ඔහුගේ හොඳම කාලය වන තත්ත්පර 10:18 සීමාව පසු කිරීමට නොහැකි වී ඇත.

ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ඔහු මේ තරගය සඳහා සහභාගි විය.

මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර අද (19) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.47ට තරඟ වදීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved