Connect with us

පුවත්

මනූෂගේ පර්මිට්වලින් ගේන්න යන වාහනයක් බදු නැතිව ඩොලර් 120,000යි: රේගුවටත් කට උත්තර නෑ

Published

on

විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන ආනයන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිදබවක් නොමැති හෙයින් ඊට අදාළව මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් අනුමත කිරීම පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ විද්‍යුත් වාහනයක් සඳහා බදු සහන ලබාදීමේ රුපියල් ලක්ෂ හැටක සීමාව රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයකි.

කාර් පර්මිට් 1018ක් දීලා – තාම ගෙනල්ල තියෙන්නේ 332යි

මෙම වැඩටහන යටතේ මේ වන විට වාහන එක්දහස් දහනවයක් සඳහා බලපත්‍ර ලබා දී තිබෙන අතර එලෙස බලපත්‍ර නිකුත් කළ වාහන 332ක් පසුගිය වසරේ දී ආනයනය කර තිබේ. 

පර්මිට්වලින් ගේන්න හදන වාහනයක් ඇමරිකානු ඩොලර් ලක්ෂය පැනලා

ඇතැම් බලපත්‍රලාභීන් ආනයනය කිරීමට අයදුම් කර තිබෙන වාහනයේ බදු රහිත වටිනාකම පමණක් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසි දහසක් බව ද මෙම කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

එවැනි විශාල වටිනාකමක් සහිත වාහන සාමාන්‍ය රැකියා කරන පුද්ගලයන් ගෙන්වන්නේ කෙසේදැයි කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කර ඇත. 

දැනට බලපත්‍ර ලබාගෙන ඇති වැඩි පිරිසක් සාමාන්‍ය රැකියාවල නිරත වූවන් නොව වෛද්‍යවරුන්, කළමනාකරුවන් උපදේශකවරුන් වැනි ඉහළ වෘත්තීන්හි නියැළෙන්නන් බව ඊට පිළිතුරු දෙමින් කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත.

මෙම බලපත්‍ර ලබා දී ඇත්තේ ඩොලර් කෝටි දහයක විදේශ ප්‍රේෂණ වෙනුවෙන් යැයි ද කම්කරු අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කර ඇත. 

එම ප්‍රේෂණ කොපමණ කාලයක් තැන්පතු ලෙස පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සභාපතිවරයා ප්‍රශ්න කළ නමුත් ඊට පිළිතුරු ලැබී නැත.

මෙම වැඩසටහන සඳහා විනිවිදභාවයෙන් යුත් මාර්ගගත ක්‍රමයක් සකස් කරන ලෙසට මුදල් කාරක සභාව කර තිබෙන නිර්දේශය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ද එහිදී හෙළි වී තිබේ.

රේගුවට කඋත්තර නැතිවෙලා

ආනයනය කෙරෙන වාහනය ධාවනය කර ඇති කිලෝ මීටර් ගණනට අදාළ චක්‍රලේඛය ද වරින් වර සංශෝධනය කර තිබෙන බවත් මුලින් කිලෝ මීටර් 250ක් වූ එම දුර පසුව කිලෝ මීටර් 400 දක්වා දීර්ඝ කර තිබෙන බවත් එහිදී හෙළි වී ඇත. 

කිලෝ මීටර් 250 නියමය උල්ලංඝනය කරමින් වාහන දෙකක් ආනයනය කර තිබී ඇති අතර ඒ සඳහා අය කළ දඩය කොපමණ ද යන්න සම්බන්ධයෙන් පිළිතුරු දීමට රේගු නිලධාරීන්ට නොහැකි වී තිබේ. 

සභාපතිවරයා රේගු නිලධාරීන්ට දන්වා ඇත්තේ එම දඩ මුදල කොපමණ ද යන්න දැනුම් දෙන ලෙස ය.

චක්‍රලේඛ කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයනය කර තිබූ වාහන 159ක් සඳහා රුපියල් තිස් නව කෝටි හැත්තෑ ලක්ෂයක දඩ අය කර ගෙන තිබෙන බව එහිදී රේගු නිලධාරීන් පවසා තිබේ.

‘‘මේක නම් අවුල් ජාලයක්. ගැටලු ගොඩක් මගේ ඉදිරිපිට තියාගෙන ගැසට් නිවේදනය අනුමත කරන්න බැහැ. ගටලුවක් නැහැ කියලා කම්කරු අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් ඒකාබද්ධව අධ්‍යයනය කරලා සති දෙකකින් කියන්න’’ යැයි ද සභාපතිවරයා සඳහන් කර ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන බලපත්‍ර ලබාදීමේ යෝජනාව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා ‍ගේ යෝජනාවකට අනුව සිදුවන්නකි.

ලංකාව ආර්ථික අර්බුදයේ වෙලී සිටියදී ලංකාවට විදෙස් ගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්නැයි ඉල්ලමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා ‍විදෙස්ගත ශ්‍රමිකයන්ට වසරක් තුළ ඩොලර් ලක්ෂයක් එව්වොත් වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාකරන බව කියා සිටියේ මෙලෙ‍සිනි.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්
විගමන ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවලා; දැන් වාහන ගේන්නේ කවුද?

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි කාර් ගෙන්වීමේ කෝටාවටත් බැටේ දීලා 
රටවිරු කෝටාවට විදුලි වාහන කියා BMW හා බෙන්ස් කාරුත් ගෙන්නලා 

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved