Connect with us

පුවත්

රුසියාවට කුලී හේවායන් යැවීම ප්‍රවර්ධනය කළ නිළියන් CIDයට

Published

on

විශ්‍රාමික හමුදා සාමාජිකයන් යොමු කරන මිනිස් ජාවාරමේ මහ මොළකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති චතුරංග නැමැති පුද්ගලයාගේ විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ වූ ජනප්‍රිය තරුණ නිළියන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි.

මහනුවර කටුගස්තොට පාරේ පිහිටි ගොඩනැඟිල්ලක චතුරංග නැමැති පුද්ගලයා විසින් විදේශ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇති බව හෙළිව තිබේ. 

එම විදේශ රැකියා ඒජන්සිය ප්‍රවර්ධනය කිරීමට ඔහු විසින් තරුණ ජනප්‍රිය නිළියන් යොදාගෙන ඇති අතර ඒ අය මගින් සමාජ මාධ්‍ය ඔස්සේ ලොකු ප්‍රචාරයක්ද කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

යුරෝපීය රටවල සංචාර, අධ්‍යාපන වීසා, ඇතුළු කටයුතු සඳහා යැයි සඳහන් කරමින් මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇතත් විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සෙබළු රැගෙන යාමේ ජාවාරමේ ප්‍රධානියකු වන්නේ මෙම පුද්ගලයා බවය. 

මේ වන විට ඔහු පෝලන්තයේ රැදී සිටින බව වාර්තා වේ. 

ඔහු රුසියාවේ රැදී සිටින බව පවසමින් මෙම ඡාවාරම කරගෙන ගොස් ඇති බව පෙනී ගොස් තිබේ.

චතුරංග නැමැති මෙම පුද්ගලයාගේ තරුණ නිළියන් කිහිප දෙනෙකු ඇතුළු තරුණියන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන ඇති බවද අනාවරණය වී තිබේ. 

මේ දිනවල මෙරට රූපවාහිනී නාලිකා කිහිපයකම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑමෙන් දායක වන නිළියන් තිදෙනෙක් ඒ අය අතර සිටින බව සඳහන්ය.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved