Connect with us

පුවත්

සුදර්ශනී, සජිත්ලාට සෙට් නොවූ බවට ප්‍රකාශයක් !

Published

on

තමා සමඟි සන්ධානය සමඟ එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, සත්‍යයෙන් තොර බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශණනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.

රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්වූ තමා 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බව කාරුණිකව සිහිපත් කරන බවද කියා සිටී.

සැමවිටම තමා කටයුතු කරනු ලැබුවේ සිතට එකඟව වන අතර, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත් කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමට ද මහජන නියෝජිතවරියක් ලෙස තමා නොපැකිළෙන බවද කියා සිටී.

2023 වසර සඳහා අය වැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ තමා විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්යභාරය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකඟතාවක් ඇති කරගනු ලැබූ බවද ඇය කියයි.

ඇය විසින් පළ කර ඇති නිවේදනය පහත දැක්වේ.

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

පුවත්

දැක්කොත් පොලිසියට කියන්න

Published

on

By

කොළඹ අපරාධ කොට්ඨාශය මෙහෙයවන විමර්ශනයක සැකකරුවකු සොයාගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.

පොලිසිය විසින් ඔහුගේ ඡායාරූප කිහිපයක් නිකුත් කර ඇති අතර කිසියම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සහකාර පොලිස් අධිකාරී – කොළඹ අපරාධ කොට්ඨාශය – 0718591807

ස්ථානාධිපති – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8591735

ස්ථානාධිපති – 4 වන ඒකකය – කොළඹ අපරාධ කොට්ඨාශය – 071-8596506

Continue Reading

පුවත්

හජ් අදයි

Published

on

By

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ.

ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි.

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතු ප්‍රධාන වගකීම් පහ අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වෙයි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved