Connect with us

පුවත්

ලබන සඳුදා විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ සාකච්ඡාවක්

Published

on

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (03)  දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලේය.

සුරේන් රාඝවන් මහතා මෙහිදී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි.

“විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මේ වන විට වර්ජනයක නිරතව සිටිනවා. මෙය අවාසනාවන්ත කරුණක් බව කිව යුතුයි. මෙමඟින් පීඩාවට පත්වන්නේ අනාගත ශිෂ්‍ය පරම්පරාවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රුපියල් මිලියන 150 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් සිදු වනවා. එය මිනිස් කාලය අනුව මිලියන 1.8ක අපතේයාමක් බව පැවසිය යුතුයි. ඒ නිසා අප රජයට තව පැයක්වත් නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.

මෙම වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරි මාස හය සඳහා රුපියල් බිලියන 1.1 ක් අවශ්‍ය වනවා. මා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ ද සාකච්ඡා පැවැත්වෙනවා.

වැඩවර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කිරීමට නියමිතයි.

අපගේ අපේක්ෂාව වන්නේ දෙපාර්ශ්වයම එකඟ විය හැකි මැද මාවතේ විසඳුමකට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වෙනවා.

ඒ වගේම මෙරට උසස් අධ්‍යාපනය ද වෙනස් විය යුතුයි. මම පසුගිය දා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.”

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හලාවත හදිසි ජලගැලීම් තත්ත්වයක්

Published

on

By

වර්ෂාවත් සමග හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබේ.

මේ නිසා හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.

ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග රැසක් සහ නිවාස රැසක් ජයල යටවී ඇති බව සඳහන්ය.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් සඳහන් පවසයි. 

Continue Reading

පුවත්

කාදිනල් හිමි වතිකානය බලා පිටත්වේ

Published

on

By

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බව වාර්තා විය.

ඒ, ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමටය.

අප්‍රේල් මස 26 වන සෙනසුරාදා පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved