Connect with us

විදෙස්

අධික උණුසුමෙන් පැය 24ක් තුළ ඉන්දියාවේ 85ක් මරුට

Published

on

පසුගිය පැය 24 තුළ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ඔඩිෂා, බිහාර්, ජාර්කාන්ද්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවය.

එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇති ඔඩිෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩිෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

විදෙස්

පාප් වහන්සේ තේරීම තීරණයකින් තොරව අවසන් (UPDATE)

Published

on

By

නව පාප්වහන්සේ තෝරා පත්කර ගැනීමේ දෙවන වටයේ ඡන්ද විමසීම තීරණයකින් තොරව අවසන් වී තිබේ.

ඒ, වතිකානයේ සිස්ටයින් දේවස්ථාන කවුලුවෙන් ඉහළ අහසට කළු දුමාරයක් නිකුත් කරමිනි.

රහස් ඡන්ද විමසීම පිළිබඳ ලෝකවාසීන්ට දැනුම් දෙනු ලබන්නේ, එම කවුළුවෙන් නිකුත් කරන දුමාරය මගිනි.

ඒ අනුව කළු දුමාරයෙන් අදහස් වන්නේ, පළමු ඡන්ද විමසීමෙන් පාප්වහන්සේ තෝරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

පාප් වහන්සේ තෝරා ගත් විට එම කවුළුවෙන් නිකුත් වන්නේ, සුදු දුමාරයකි.


(පෙර පුවත 2025 මැයි 08 පෙ.ව.7.32 )

දුම්කවුළුවෙන් කළු දුමාරයක්

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ.

නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ (07) ආරම්භ වුණි.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ දිනයේ දී නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බවය.

ඒ අනුව අද (08) දිනයේ දී යළි ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

විදෙස්

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය අද යි

Published

on

By

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීම සඳහා වන රහසිගත ඡන්දය අද (07) පැවැත්වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිස්ටීන් දේවස්ථානය තුළ අද මෙම ඡන්ද විමසීම දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි.

මෙම ඡන්දයේදී ජයග්‍රාහකයෙක් තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරනු ඇත.

නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතුය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved