Connect with us

පුවත්

තොණ්ඩමන් පොලීසිය ඉදිරිපිට යකා නටයි

Published

on

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ  පිරිසක් අද (01) නුවරඑළිය පොලිස් ස්ථානය අසල විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි නුවරඑළියට කැඳවා තිබූ බවයි වාර්තා වේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි.

ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලීසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලීසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළත්, එම ඉල්ලීම් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

පසුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවය.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් ඉවත්ව ඇති බව සඳහන්ය.

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved