Connect with us

පුවත්

ලෝක සාගර දිනය අදයි

Published

on

ලෝක සාගර දිනය 2024 අදට (08) යෙදී තිබේ.

සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබයි.

ලෝක සාගර දිනය පළමු වරට යෝජනා කරන ලද්දේ 1991 ජුනි 8වන දින රියෝ ද ජනයිරොහි පැවැති ගෝලීය සංසදයේ දීය. එම යෝජනාවෙන් කලකට පසු එනම් 2008 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 8වන දින ලෝක සාගර දිනය ලෙස නම් කරන ලදී. 2009 වර්ෂයේ ‘අපේ සාගරය අපේ වගකීමයි’ යන තේමාව යටතේ, සාගරය හා සාගර පද්ධතියේ වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජගත් සාගර දිනය සමරන ලදී.

මෙවර සාගර දිනයේ තේමාව වන්නේ  ”නව ගැඹුර අවදි කරන්න” යන්නයි.

සාගරය පෘථිවියෙන් 70% කට වඩා ආවරණය කරයි, නමුත් ගවේෂණය කර ඇත්තේ එහි ජලයෙන් ඉතා කුඩා කොටසක් පමණි. මනුෂ්‍ය වර්ගයා එය මත සම්පූර්ණයෙන්ම රඳා පැවතුනද, එය අපට ලබා දෙන දෙයෙහි පළල හා ගැඹුර හා සසඳන විට, සාගරයට ලැබෙන්නේ අපගේ අවධානය සහ සම්පත් වලින් කොටසක් පමණි.

මෙවර තේමාව තෝරා ගැනීමේදී මෙම සාධක බලපා ඇත.

ලෝක සාගර දිනය සැමරීමේ පරමාර්ථ කිහිපයක් හදුනා ගැනීමට හැකිය.සාගරයට මානව ක්‍රියාවන්ගේ බලපෑම ,සාගරය සදහා ලොව පුරා පුරවැසියන්ගේ ව්‍යාපාරයන් වර්ධනය කිරීම සහ ලෝක ජනගහනය බලමුලු ගැන්වීම සහ එක්සත් කිරීම යන ව්‍යාපෘති සදහා ජනතාව දැනුවත් කිරීම ඒ අතර වැදගත් ය.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved