Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

Published

on

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවති තරාගයෙන් ශ්‍රී ලංකාව අද පරාජයට පත් විය.

අමෙරිකාවේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කලේය.

ඒ අනුව  පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස් කරන ලදී.

පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 08කදී ලකුණු 10ක් රැස්කර සිටියදීයි. ඉන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්ට රැස්කිරීමට හැකි වූයේ ලකුණු 04ක් පමණි.

පැතුම් නිස්සංක ලකුණු 47ක් , ධනංජය ද සිල්වා 21ක් ,චරිත් අසලංක 19ක්,ඇන්ජලෝ මැතිව්ස් 16ක් ලබා ගත් අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 10යේ සීමාව පසුකර යාමට බංග්ලාදේශ පන්දු යවන්නන් විසින් ඉඩක් ලබා නොදෙන ලදී.

මුස්තාෆිසුර් රහ්මාන් ,රිෂාඩ් හුසේන් කඩුලු 3 බැගින් දවාගත් අතර  අහමඩ් කඩුලු 2ක් ද හසන් සකීබ් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 125ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 19ක් අවසානයේ  කඩුලු 08ක් දැවී තරගය ජය ගැනීමට සමත් විය.

Towhid Hridoy  ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර ලිටන් දාස් 36ක් සහ මහමුදුල්ලා 16ක් ;ලබා ගැනීමට සමත් වූ අතර  අනෙක් පිතිකරුවන්ට ලකුණු 10යේ සීමාව පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.

පන්දු යැවීමේදී  නුවන් තුෂාර කඩුලු 4ක් ලබා ගත් අතර වනිඳු හසරංග කඩුලු 2ක් සහ ධනංජය ද සිල්වා, මතීෂ පතිරණ  එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved