Connect with us

පුවත්

මෝදි නුදුරේදීම ලංකාවට?

Published

on

රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 යන දිනවල පැවැත්වෙන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.  

බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන අතර ඔවුන්ගේ වාර්තාව මෙම මස ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තියට සහභාගී වුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බවට අප බලාපොරොත්තු වනවා. අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය නුදුරේදීම සිදුවනු ඇති බවට විශ්වාස කරනවා.

ඒ වගේම අප රජයට මෙම කාලය තුළ විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය සාර්ථක නිම කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය පල කෙරුණා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තුන්වන වාරිකය නිකුත් කෙරුණා. ඉන් අදහස් කෙරෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වු කරුණු සම්බන්ධයෙන් අප විසින් ඉතා නිවැරදිව කටයුතු කර තිබෙන බවයි.

එමෙන්ම විදේශිය ණය කළමනාකරණය කිරීම සහ ප්‍රතිව්‍යුහගත කරගැනීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. විදේශිය රටවල් සමඟ ණය කළමනාකරණය පිළිබඳව අවබෝධතා ගිවිසුම අත්සන් කරගත හැකි බව අප විශ්වාස කරනවා. විදේශීය බැඳුම්කර හිමියන් සමඟ සිදුකළ සාකච්ඡා ඉතාමත් ධනාත්මකයි. එය සාර්ථක වුවහොත් ලංකාව නැවත ණය නොගෙවන තත්ත්වයෙන් මිදී ණය ගෙවන තත්ත්වයේ රටක් බවට පත්වීමට හැකි වනවා.

ඒ වගේම ජපාන විදේශ අමාත්‍යවරියගේ ඉල්ලීමක් මත මා ලබන මාසයේ දී ජපානයේ සංචාරයක නිරත වනවා. ද්වී පාර්ශ්වීය නිල ණය හිමියන් සමඟ එකඟතාවයකට පැමිණි පසු ජපානයේ සහාය ඇතිව මෙරට ආරම්භ කර තිබූ නමුත් මේ වන විට වැඩ නවත්වා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සියල්ලම යළි ආරම්භ කරන බව ජපානය අපට පොරොන්දු වී තිබෙනවා.

රුසියාවේ පැවති බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් පසුගියදා මම සහභාගී වුණා. බ්‍රික්ස් සංවිධානයට ශ්‍රී ලංකාව සම්බන්ධ විය යුතු ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධව සළකා බැලීමට විදේශ අමාත්‍යංශය, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව නියෝජනය වන පරිදි  නිලධාරීන් පිරිසක් පත්කර තිබෙනවා. එහි වාර්තාව මෙම මස ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා.  

ඒ වගේම රුසියානු හමුදාවට බඳවාගෙන සිටින හිටපු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් අප විසින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළා. එම ගැටළුව විසදීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිතයි. ඊට අදාළ සාකච්ඡා ජූනි මස 26 සහ 27 වනදා රුසියාවේ දී පැවැත්වෙනවා. මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රි ලාංකිකයන් බේරා ගැනීම සඳහා ද මේ දිනවල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.               

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved