Connect with us

පුවත්

එක්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකා දමලා

Published

on

දකුණු ආසියාවේ දරුණුතම සමුද්‍ර දුෂණය සිදු කරමින් මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවිඩ විශාල ප්‍රමාණයක් නැව ගිනි ගැනීමෙන් අනතුරුව හිතා මතාම මකාදමා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු කියා සිටියේ, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක ඒකකය මඟින් ඉදිරිපත් කළ විශේෂඥ වාර්තාව හා රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ වෝහාරික පරීක්ෂණය මඟින් මෙම කරුණු අනාවරණය වූ බවයි.

එමෙන්ම මෙම දත්ත මකා දැමුවේ කවුද? ඊට සම්බන්ධ වූවන් කවුද? සහ එලෙස කර ඇත්තේ කාගේ වුවමනාවටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර හෝ දේශීය ආයතනයක් හරහා විමර්ශනය කරන ලෙසට රහස් පොලීසියට නියෝගයක් නිකුත් කරන ලෙස සොලිසිටර් ජෙනරාල්වරයා විසින් අධිකරණයෙන් ඉල්ලා‌ සිටින ලදී.

නෞකාවේ සහ හාර්බර්මාස්ටර් වරයා සන්තකයේ තිබූ V.T.M.S යන්ත්‍රය හෙවත් වෙසෙල් ට්‍රැපික් මැනේජ්මන්ට් සිස්ටම් දත්ත පද්ධතිය සහ V.D.R (වෙසෙල් ඩෙටා රෙකොර්ඩර්) දත්ත පද්ධතිය මෙලෙස මකා දමා තිබේ..

සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ, නෞකාව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට එවන ලද ඊමේල් පණිවිඩ රාශියක්ද අතුරුදහන් වී ඇති බවත් වෝහාරික පරීක්ෂණය මගින් සනාථ වී ඇති බවය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිතායතනය වන සී.කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයන් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලීසිය ගොනු කළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරුණි.

2021 මැයි මස 19 වැනි දින මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය ඇතුළත් පිටු තුනකින් යුත් වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved