Connect with us

පුවත්

ඔන්ලයින් මුදල් ජාවාරමකට විදේශිකයෝ 30ක් අත්අඩංගුවට!

Published

on

අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධීව සංවිධානාත්මක අයුරින් මූල්‍ය ගනු-දෙනු මෙහෙයවන මීගමුවේ මධ්‍යස්ථාන දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (24) රාත්‍රී කාලයේ වටලා විදේශිකයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මේ විදේශිකයන් අතර චීන, පිලිපීන, මාලදිවයින්, පාකිස්තාන, ඉන්දියා, නේපාලය ඇතුළු රටවල් කිහිපයකම පුරවැසියන් සිටින බව පැවසේ.

මොවුන් මේ වංචාව සිදු කර ඇත්තේ මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ බවද වාර්තා වේ.

රුපියල් 5000ක මුදලක් ආයෝජනය කළොත් රුපියල් තුන්දාහක ලාභයක් ලැබෙන බව සඳහන් කරමින් විශාල වශයෙන් මුදල් රැස් කර මේ අය වංචාවල නිරතව සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මේ වැටලීමේදී ඊට අදාල නිවාස දෙකෙහි තිබූ සංනිවේදන උපකරණ විශාල තොගයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ සිට මේ පිරිස වෙනත් රටවල්වලටද මේ ජාවාරම ව්‍යාප්ත කර ඇති බවට සැක කරයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය මහතාගෙන් මාධ්‍ය කළ විමසුමකදී ඔහු පවසා තිබුණේ මේ විදේශිකයන් රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවයි. 

මොවුන් බිලියන ගණනක මුදල් වංචා කර ඇතැයි සැක කරන බවද මෙවැනි තවත් ස්ථානයක් ඊයේ රෑම පරික්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ බවද මාධ්‍ය වාර්තා වල දැක්වේ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved