Connect with us

පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නඩුව විභාග කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක්

Published

on

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා නීතිවිරෝධී බව සඳහන් කරමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වූ සී කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම අභියාචනා පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණි. 

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න ඇතුළු නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණේ මෙම නඩුවේ කපිතාන්වරයාට සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් එක්කොට චෝදනා ඉදිරිපත් කිරීම නීතියට පටහැනි බවය.

ඉන් අනතුරුව අභියාචනා පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වනදා තෙක් කල් තැබුණි.

(අදදෙරණ)

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved