Connect with us

ක්‍රීඩා

ධනුෂ්කට ඇපවුණ ඕස්ට්‍රේලිවේ සිටින ලාංකික කත කවුද?

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසිනි.

එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ධනුෂ්ක ගුණතිලකට සහාය වීම සඳහා ඉදිරිපත් වී තිබේ. ඇප ලබා ගැනීමේදී ඕස්ට්‍රේලියානු පොලිසියට ස්ථිර ලිපිනයක් ලබා දීමට අවශ්‍ය බැවින් එරට සිටින ධනවත් පුද්ගලයෙකුගේ නිවසක ලිපිනයක් ගුණතිලක හට ලබා දී ඇති අතර ඔහු එම නිවසේ වාසය කරනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දුන්නේය .

නඩුව අවසන් වන තෙක් ඔහුගේ වියදම් දැරීමටද ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් ඉදිරිපත් වී තිබේ.

ධනුෂ්ක ගුණතිලක මහතාට එරෙහි නඩුව නැවත වරක් ජනවාරි 12 කැඳවීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

LPL වෙන්දේසියේදී ඉහල මිලක් හිමිවූ මතීෂ

Published

on

By

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

Continue Reading

ක්‍රීඩා

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය (සජීව විකාශය)

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය :- 

Continue Reading

ක්‍රීඩා

කුසල්ට වීසා ලැබෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් හට අමෙරිකානු වීසා ලැබී තිබේ.

ඒ, ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ඔහු ඉදිරි‌යේ දී අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved