Connect with us

පුවත්

පාසල් සිසුවෙකුට පහරදුන් විදුහල්පති සහ ගුරුවරු 5 දෙනෙක් අත්අඩංගුවට

Published

on

නුවරඑළිය ගාමිණී ජාතික පාසලේ උසස් පෙළ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධ‍යෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු 6 දෙනෙක් අත්ඩංගුවටගෙන තිබේ.

නුවර එළිය පොලීසිය සඳහන් කළේ ගුරු මණ්ඩලයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ගුරුවරුන් තිදෙනෙක් ඇතුළු සැකකරුවන් හයදෙනෙක් ඊයේ (08) මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බවය.

2024 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්පත් ලබා ගැනීමට ඉකුත් 03 වන දින එම සිසුවා පාසලට ගිය අවස්ථාවේ සිසුවාගේ කොණ්ඩය අධික ලෙස වැවී තිබු නිසා විදුහල්පතිවරයා කොණ්ඩය කපා පැමිණෙන ලෙසට පවසා සිසුවාට පහර දීමට උත්සාහ කර ඇත.

සිසුවාගේ දෙමව්පියන් විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ එහිදී  විදුහල්පතිවරයාගේ පහරින් බේරීමට සිසුවා අත ඔසවා සිටි අවස්ථාවේ පාසලේ ගුරුවරුන් වශයෙන් සේවය කරන භික්ෂුන් වහන්සේ දෙපළ සහ ගුරුවරුන් තිදෙනා සිසුවාට පහර දී ඇති බවය.

දෙමව්පියන්ගේ පැමිණිල්ල අනුව එම විදුහලේ විදුහල්පතිවරයා , ගුරුවරුන් පස්දෙනා (08) දින නුවරඑලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය වෙත ඉදිරිපත් කර ඇත.

අනතුරුව සැකකරුවන් හයදෙනාට සිසුවාට කිසිදු බලපැමක් සිදු නොකරන ලෙසට දැඩි ලෙස අවවාද කර ලක්ෂයේ ශරීර ඇප 12 ක් මත නිදහස් කිරීමට සහ යළිත් මෙම නඩුව ලබන මස (26) දින කැඳවීමට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කරන ලදී.

පුවත්

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට!

Published

on

By

යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය සඳහායී

එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

Continue Reading

පුවත්

අද ජාතික ශෝක දිනයක්!

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවමංගල්‍ය කටයුතු හේතුවෙන් අද (26) මෙරට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එමස් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව අද (26) දිනයේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කර තැබෙනු ඇත.

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය උත්සවය අද වතිකානයේ ශාන්ත පිතර චතුරශ්‍රයේ පැවැත්වේ.

කොළඹ අගරදගුරු අතිඋතුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතුළු කතෝලික පූජකවරුන් ඇතුළු පිරිසක්ද ඊට සහභාගි වීම සඳහා වතිකානයට ගොස් තිබේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සභභාගි වන්නේ  විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතායි.

Continue Reading

පුවත්

පිටරට සිට ගේම් ගහන පාතාලේ ප්‍රබලයෝ 201ක්; පාතාල ලොක්කෝ 65ක් රට

Published

on

By

ඩුබායි ඇතුළු රටවල සිට මෙරට මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සිදු කරවන පාතාල කල්ලි ප්‍රබලයන් 201 දෙනකු ගැන පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇතැයි වාර්තා වේ.

මේ පාතාලයන් පිළිබඳව සියලු තොරතුරු අන්තර්ජාතික පොලීසිය (ඉන්ටර්පෝල්) වෙතද ලබා දී ඇති බවද පැවසේ.

මෙරට පාතාලයන් රැඳී සිටින රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් මෙරටට ගෙන්වාගැනීමේ නීතිමය කටයුතු සිදු කරමින් පවතින අතර 19 දෙනකු ඒ අනුව මේ වන විට මෙරටට ගෙන්වා ඇති බවද පැවසේ.

මේ අතර මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් 65 දෙනකු පමණ මේ වන විට විදේශගතව සිටින බවටද පොලීසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved