Connect with us

පුවත්

“සුරක්‍ෂා” හසුකරගත් පක්ෂි උරග ජාවාරම

Published

on

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක “සුරක්‍ෂා” නෞකාව යොදවා ඉකුත් ජූලි 07 වැනිදා දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකල තොරතුරු විශ්ලේෂණයකට අනුව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක “සුරක්‍ෂා” නෞකාව යොදවා සිදුකල මෙම මෙහෙයුමේදී දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කර ඇත.

එම පරීක්ෂාවේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක් (01), විශාල ඉබ්බෙක් (01) සහ ගිරවුන් 03 ක් සමඟ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු (05) මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්‍රාව 2024 ජුලි මස 08 වන දින රාත්‍රියේ ගාල්ල වරායට රැගෙන ඒමෙන් අනතුරුව, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් යාත්‍රාවේ රැගෙන ආ සතුන් පරීක්‍ෂා කරන ලද අතර, එම සතුන් ශ්‍රීලංකාවට ආවේණික නොවන සතුන් බවට හඳුනා ගෙන ඇත.

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සතුන් ජාවාරම් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මෙම බහුදින ධීවර යාත්‍රාවේ සැකකරුවන් අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ.

අත්අඩංගුවට යාත්‍රාවෙන් හමුවූ සතුන්, බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, මෙම සතුන් අනවසරයෙන් විදේශයක සිට මෙරටට රැගෙන ඒමට හෝ වෙනත් රටකට රැගෙන යාමට මෙලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල බවට විශ්වාස කෙරෙන අතර, මෙරට පරිසර පද්ධතියට හානි ගෙන දෙන මෙවැනි ජාවාරම් මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් යුතුව මෙහෙයුම් සිදුකරනු ලබයි.

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොක්කෝ 32කට ස්ථාන මාරු

Published

on

By

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ස්ථාන මාරුවීම්වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශනයේ කාර්යාංශයේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා මොනරාගල දිසාව භාර නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා තිබේ.

මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්.ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිව තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා පත් කර ඇති බව සඳහන්ය.

නියෝජ්‍ය පොලිස්පතිරුන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා ඇති පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ස්ථානමාරු වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved