Connect with us

පුවත්

විදුලිය, ඉන්ධන, බස් හා දුම්රිය ගාස්තු යළි ඉහලට

Published

on

විදුලිය, ඉන්ධන, දුම්රිය හා බස් ගාස්තු ලබන අප්‍රේල් මස 01දා සිට 15% කින් පමණ ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි. 2023 අයවැය යෝජනා අනුව එම ගාස්තු ඉහළ දැමෙන බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඊට පෙර බදු සමාලෝචනයක් සිදුකොට වැට් බදු නිදහස ලබා දිය හැකි භාණ්ඩ හා සේවා වෙත්නම් ඒවා ගැන වෙනම තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද අයවැයේ සඳහන්ය.

ඊට සමගාමීව නව වැට් බදු පනතක් ද හඳුන්වා දෙනු ඇත.

දැනට පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැට් බදු පනවා ඇති අතර 2023 අප්‍රේල් 01දා සිට ආනයනික බොරතෙල් සඳහා ද වැට් බද්ද ක්‍රියාත්මක වීමට නියමිත බව දැනගන්නට ඇත.

ඊට අමතරව දැනට වැට් අය කරන ඩීසල් හා පෙට්‍රල් වෙනුවෙන් 2023 අප්‍රේල් 01දා සිට අධිභාර බද්දක් පනවා තිබේ.

එහෙත් එහි ප්‍රතිශතය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ වෙතත් නව බදු පැනවීම හේතුවෙන් ඉන්ධන මිල අප්‍රේල් 01දා සිට ඉහළ දැමීමට නියමිතය.

දැනට වැට් බදු බලනොපාන ප්‍රවාහන ක්ෂේත්‍රයේ දුම්රිය හා බස් ගාස්තු සඳහා ද වැට් බද්ද ලබන අප්‍රේල් 01දා සිට බලපවත්වයි.

එසේම ඉන්ධන මිලද ඉහළ යාම හේතුවෙන් දුම්රිය හා බස් ගාස්තුද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි.

මේ හැර රජයේ සියලුම ගාස්තු 20% කින් ඉහළ දැමීමටද නියමිතය. අධිවේගී මාර්ග ගාස්තු, විවාහ ලියාපදිංචි ගාස්තු, සමාගම් ලියාපදිංචි ගාස්තු ඇතුළු ගාස්තු වර්ග රැසක් ඒ අනුව ඉහළ යාමට නියමිතය.

විශේෂයෙන් ඉන්ධන, විදුලිය හා ප්‍රවාහන ක්ෂේත්‍රවලින් වැට් බදු මෙතෙක් කල් නිදහස් කර තිබීම නිසා දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වසරකට 1% ක ආදායමක් අහිමිවන බව අයවැය ලේඛනයේ සඳහන්ය.

මූලාශ්‍රය – දේශය

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved