Connect with us

පුවත්

ලලිත් – තිලක් සජබෙට

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු සමගි ජන බලවේගයට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් , සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් පවසා ඇති බවයි වාර්තා වේ.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (10)  මේ බව පවසා තිබුණි.

ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ සටනේ දී නිදහස ජනතා සභාව විසින් සමගි ජන බලවේගය සමග සිදුකළ සාකච්ඡා ඉතාම සාර්ථක බව චරිත හේරත් මහතා මෙහිදී අවධාරණය කලේය.

පුවත්

ඡන්දෙ දාන්න නිවාඩු ලැබෙන හැටි

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව සේවා නියුක්තිකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්  කර තිබේ.

ඒ අනුව යම් සේවකයෙකු විසින් ඡන්දය ලබාදීමට ඉල්ලීමක් කළ විට ඊට අදාළව සේවායෝජකයා විසින් ප්‍රමාණවත් යැයි සලකනු ලබන පැය දෙකකට නොඅඩු කාලයක් අදාළ සේවකයාට පඩි සහිත නිවාඩුවක් ලබාදිය යුතුයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සෑම අයෙකුටම ආයතන විසින් නිවාඩු ලබා දිය යුතු බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එසේ ලබාදෙන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින්ට ද ඇතුළුව සියලුම සේවා නියුක්තියන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තියන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

සෑම සේවකයෙකුටම ඡන්දය සඳහා නිවාඩු කාලසීමාව, එම සේවකයාගේ කාර්යාලය සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත නිගමනය කළ යුතුය.

ඒ අනුව යම් සේවකයෙකු සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යායුතු දුර කිලෝමිටර් 40 හෝ ඊට අඩු වේ නම් දින භාගයක නිවාඩුවක්ද, කිලෝමීටර් 40-100 අතර වේ නම් දින 1ක් බැගින් ද නිවාඩු හිමි වනු ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.

එමෙන්ම කිලෝමීටර් 100-150ත් අතර වේ නම් දින 1 1/2ක නිවාඩුවක්ද කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවත් එහි සඳහන් ව ඇත.

Continue Reading

පුවත්

සජබේ අප්පුහාමි හා කාවින්ද පාප් වහන්සේට අවසන් ගෞරව දක්වයි

Published

on

By

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ හෙක්ටර් අප්පුහාමි මහතා ද වතිකානය වෙත ගොස් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දක්වා තිබේ.

ඔවුන් එලෙස වතිකානය බලා පිටත්ව ගොස් ඇත්තේ මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරීම සඳහාය.

පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව ඇති අද (26) දිනය ජාතික ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ.

Continue Reading

පුවත්

අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් ලංකාවට බලපෑම්

Published

on

By

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරීවන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved