Connect with us

පුවත්

 මොනර මස් කාපු ආදිවාසීන් 05 දෙනා අත්අඩංගුවට

Published

on

පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ආරක්‍ෂිත පක්ෂයක වන මොණරෙකු මරා පුළුස්සා එම මස් මී පැණි සමග ආහාරයට ගත් ආදිවාසී පස්දෙනා ඊයේ (10) හෙනානිගල අඩවි ආරක්ෂක කාර්යාලයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් පස්දෙනාට රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත නිදහස් කර සැප්තැම්බර් 15 වෙනිදා යළිත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස මහතා නියෝග කර තිබේ.

අදාළ ආදිවාසී සැකකරුවන් පස්දෙනා 10 වෙනිදා හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් විසින් අත්අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කලේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යොඋටුබෙ නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කර තිබීම දැනුම්වත් වීමෙන් පසු වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය සම්බන්ධයෙන් මෙම ආදිවාසීන් පස්දෙනා ගැන විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.

ආදිවාසීන් පස් දෙනා සම්බන්ධව හෙනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් විසින් බී වාර්තාවක් හරහා ඉදිරි නීති කෘත්‍ය සඳහා මහියංගණය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බී වාර්තාව මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ආදිවාසීන් පස්දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහියංගන මහේස්ත්‍රාත් තාරක රසංග සංජීව ජිනදාස මහතා ජුනි 13 වෙනිදා වනජීවී නිලධාරීන්ට නියෝග කලේය.

මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම සම්බන්ධව සහ 1964 අංක 44 දරණ හා වර්ෂ 1970 අංක 01 හා 1993 අංක 49 දරන හා වර්ෂ 2012 අංක 22 දරණ අණ පනත් වලින් සංශෝධිත, 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 469 අධිකාරිය සහ දණ්ඩ නීති සංග්‍රහයේ අංක 32 ප්‍රකාරව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර තිබුණි.

අත්අඩංගුවට ගත් ආදිවාසීන් පස්දෙනා පාපොච්චාරණය කර ඇත්තේ තමන් මොනරා ඝාතනය නොකළ බවත්, සුරංග නමැති පුද්ගලයකු විසින් මරණ ලද මොණරෙකු දඹාන පාසල අසලදී තමන්ට දුන් බවත්, තමන් පස්දෙනා විදේශිකයාට සම්බන්ධ කරදීමෙන් අනතුරුව සුරංග යන අය විසින් තමන්ට රුපියල් 2500 බැගින් වූ මුදලක් ලබාදීමට කටයුතු කළ බවය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් වහාම මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද, හෙනානිගල අඩවි ආරක්ෂකවරයා සඳහන් කලේය.

සබැඳි පුවත්:

මොනරෙකු මරාගෙන කෑ දර්ශන යූටියුබයට දැමූ 6ක් අල්ලන්න නියෝග

පුවත්

නෙවිල් සිල්වාට ඇප (UPDATE)

Published

on

By

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව නෙවිල් සිල්වා මහතා අද (24) අධිකරණයට භාරවිය.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

නෙවිල් සිල්වා එම නඩුවේ 9වන සැකකරුය.


(පෙර පුවත 2025 අප්‍රේල් 24 ප.ව.3.59 )

නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

අද (24) ඔහු මෙලෙස අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.

2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9වන සැකකරු වෙයි.

Continue Reading

පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Published

on

By

2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම හේතුවෙනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට දැනුම්දෙන්නේ  2025 අප්‍රේල් මස 26 දින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙසය.

Continue Reading

පුවත්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීම්

Published

on

By

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත් සහ මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved