Connect with us

පුවත්

ජනාධිපතිවරණයට නාම යෝජනා මේ මස අගදී

Published

on

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බව රත්නායක මහතා පවසා ඇත.

ඔහු පවසන්නේ, නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවය.

එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරගනු ඇති අතර මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17 ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.

පුවත්

O/L විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Published

on

By

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහතා සඳහන් කළේ අපේක්ෂකයන් 171,100ක් සඳහා දිවයින පුරා පරීක්ෂණ මණ්ඩල 1,228 කදී සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවය.

41 – සංගීතය (අපරදිග) විෂයයෙහි ශ්‍රවණ පරීක්ෂණය 2025.05.25 දින එම විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන මධ්‍යස්ථානවලදී පැවැත්වේ.
40 – සංගීතය (පෙරදිග)
42 – සංගීතය (කර්ණාටක)
45 – නැටුම් (හරත)
51 – නාට්‍ය හා රංග කලාව (දෙමළ)
41 – සංගීතය (අපරදිග)
44 – නැටුම් (දේශීය)
50 – නාට්‍ය හා රංග කලාව (සිංහල) 52 – නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි)

ඉහත සඳහන් විෂයන්හි අවසාන ප්‍රතිඵල නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්ෂණය හා ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කර ගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටීම අනිවාර්ය වන බව දැනුම් දී ඇත.

ඒ සඳහා පෙනී නොසිටින අපේක්ෂකයන් සඳහා එම විෂයේ ප්‍රතිඵල ලබාදීම සිදුනොකර බව සඳහන් වේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට ද තැපැල් කර යවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව, පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත යුතු බව දැනුම් දී තිබේ.

ප්‍රවේශ පත්‍ර නොලැබුණු විදුහල්පතිවරුන් තම පාසල් අංකය, පාසලේ නම, ලිපිනය සහ අදාළ තොරතුරු ද, පෞද්ගලික අයදුම්කරුවන් නම සහ ලිපිනය, විභාග අංකය, සෞන්දර්ය විෂයය ආදි තොරතුරු ද පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පහත සඳහන් දුරකථන ඔස්සේ දැන්විය යුතු බවත්, විදුහල්පතිවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් දන්වා ඇත.

තවද, විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීම මගින් ප්‍රවේශ පත්‍ර 2025.05.19 වන දින සිට බාගත කරගත හැකිය.

යම්කිසි අවශ්‍යතාවයක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු දැනගත හැකි බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

දුරකථන අංක – 011-2784537, 2786616, 2784208, 011-2786200, 2784201
විද්‍යුත් ලිපිනය – [email protected]
ක්ෂණික දුරකථන අංකය – 1911
ෆැක්ස් අංකය – 011-2784422

Continue Reading

පුවත්

හල්ලොලුව CIDයට පැමිණේ

Published

on

By

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

සිදුකරන ලද දැනුම්දීමක් මත ඔහු අද පෙරවරු 10.00ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇත.

පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ලොලුව මහතාට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් පසුගිය 04 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අදාළ ප්‍රකාශය හරහා ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදුවිය හැකි බැවින් තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදුකර නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස එම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබිණි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

“චතුරංගගේ සියලු අපල දුරුවේවා”  (වීඩියෝ)

Published

on

By

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ අපල දුරු වේවා යයි පතමින්  තොරණක් සඳහා ආධාර පුද දීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී.

වෙසක් පොහොය වෙනුවෙන් දෙමටගොඩ ප‍්‍රදේශයේ ඉදි කර ඇති වෙසක් තොරණකදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අපල දුරුවන ලෙස මෙලෙස තොරණ් කවි කීමක් සිදුව තිබේ.

වෙසක් තොරණ නැරඹීමට පැමිණි අයෙක් විසින් මෙම ආධාරය පිරිනමා ඇත්තේ ඔහුගේ සමාජ ජාලා ක්‍රියාකරුවෙකු යැයි සඳහන් කරමිනි.

ඒ අනුව එම ආධාරය පිළිගෙන තොරණේ කවියන් විසින් චතුරංග අබේසිංහ මහතාට අපල දුරුවන්නැයි ආශිර්වාද කවි කිහිපයක්ද ගායනා  කරනු  ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved