Connect with us

පුවත්

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මරණ තර්ජන

Published

on

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකෙහි පෝස්ටර් අලවා කළු තෙල් ප්‍රහාරයක් එල්ල කොට එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාවේ ලේකම්ට වෛද්‍ය නිලධාරී අසිත කෝසල දනිප්පුලි ආරච්චි මහතාට මරණීය තර්ජනය කර තිබෙන බවට වාර්තා වේ.

ඊයේ (15) පෙරවරුවේ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කාර්ය මණ්ඩලය සේවයට ගිය අවස්ථාවේ කිසියම් පිරිසක් විසින්
”වහාම කැකිරාවෙන් පලයන් නොගියොත් උඹටත් ක්ලබ් වසන්තට සිදු වූ දේ කරනවා”,
යනුවෙන් මරණීය තර්ජනය කොට පරුෂ වචන ඇතුළත් වැකි සදහන් පෝස්ටර් අලවා එම කාර්යාලයට අයත් ගොඩනැගිලි දෙකට මෙසේ කළු තෙල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල දනිප්පුලි ආරච්චි මහතා ආහාර පනත යටතේ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් මරදන්කඩවල සහ ගණේවල්පොල ප්‍රෙද්ශයේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට එරෙහිව කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකක් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට හා සෞඛ්‍ය අමාත්‍යංශයට ගොස් සිටි නිසා මේ පිළිබදව එම කාර්යාලයේ සෙසු නිළධාරින් විසින් කැකිරාව පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මේ අතර ඉකුත් මැයි මස පස් වැනිදා ද කැකිරාව ප්‍රධාන සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීවරයාට සහ එම කාර්යාලයේ අනුයුක්තව සේවයෙහි නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකුට මරණීය තර්ජන එල්ල කොට කිසියම් පිරිසක් විසින් එම කාර්යාලයට අයත් කැබ්‍ රථය පසුපස මෙලෙස තර්ජනාත්මක වැකි සඳහන් පෝස්ටර් දෙකක්ද අලවා තිබු බව සඳහන්ය.

පසුව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අසිත කෝසල මහතා උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිලි කොට තිබුණි.

එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් වෛද්‍ය අසිත කෝසල මහතා තම කාර්යාලයට සහ ආහාරපාන ආහාර පනත යටතේ සිදුකෙරෙන වැටලීම් සඳහා යන නිලධාරීන්ට ආරක්ෂාව සපයා දීමට කටයුතු කරන ලෙස ඉල්ලිමක් කර තිබේ .

ඒ අනුව වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන බව පොරොන්දු වුවත් මෙතෙක් එවැනි ආරක්‍ෂාවක් නොමැති බව එම කාර්යාලය ප්‍රකාශයකයින් පවසා තිබේ.

මෙම සිදුවිම සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved