Connect with us

පුවත්

ලංගම බස්වලට GPS සවි කිරීම කඩිනමින්

Published

on

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

මෙහිදි I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බොහෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පලාත් සභාවට හඳුන්වා දී ඇති මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියේ කඩවත කේන්ද්‍ර කරගත් මාර්ග 12ක බස් රථ 135ක් යොදොගෙන සිදුකරන ලද නියමු ව්‍යාපෘතිය සාර්ථවය ක්‍රියාත්මක වීමත් සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය ද යොමුව තිබෙන බව පැවසේ.

මේ පිළිබඳව අවධානය යොමු ව ඇත්තේ බලශක්තිය හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නාලක බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 දා පාර්ලිමේන්තුවේදි රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදි I3 CUBE ආයතනය පෙන්වා දී ඇත්තේ ඔවුන් හඳුන්වාදුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දත්ත ලංගම බස් රථ වලින් නොලැබෙන බවය.

එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමට එක් මාර්ගයක් සඳහා අවම වශයෙන් පවතින ප්‍රමාණයෙන් 70%ක ප්‍රමාණවත් දත්ත අවශ්‍ය වන බව ඒ අනුව ඔවුන් පෙන්වා දී තිබේ.

මෙහිදි නිම්බස් ආයතනය පෙන්වා දී ඇත්තේ ඔවුන් සකස් කරන ලද පද්ධතිය මේ වන විට කඩවත කේන්ද්‍ර කර ගෙන පවතින මාර්ග 12ක ධාවනය වන බස් රථ 135ක් සඳහා සාර්ථකවය ක්‍රියාත්මක කර ඇති බවය.

මේ අනුව මෙම තාක්ෂණික ක්‍රම දෙක පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව කාරක සභාව පෙන්වා දී ඇත්තේ ක්‍රමමෝපායන් දෙකම ඉතා සාර්ථක නමුත් ක්‍රියාත්මක කිරීමේ ගැටළු පවතින බවය.

ඒ අනුව මේ පිළිබඳව අවශ්‍ය තීරණ ගැනීම සඳහා සති 3ක් දැතුළත මෙම කාරක සභාව නැවත රැස්වීමට තීරණය කර ඇත.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved