Connect with us

ඡායාරූප සටහන

රනිල් හා ත්‍රීවිල් අතර හමුවක්

Published

on

යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතු බවය.

එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බවත්, ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවත් ඔහු සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයි. එක පැත්තකින් ගොවිතැන් කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් ආදායම් උපයා ගන්නවා. 2022 – 2023 යල කන්නවලදි අපට හොඳ අස්වැන්නක් ලැබුණා. ඊට පසුව මහ කන්නයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. 2023-2024 වසරවලදිත් හොඳ අස්වැන්නක් හිමි වුණා. ඒ අනුව ගොවි ජනතාවගේ අතේ මුදල් ගැවෙසන්න පටන් ගත්තා. ගොවීන්ගේ වෙළෙඳාම දියුණු වීමත් සමඟ ගමනාගමනය වැඩි වුණා.

2023 වසරේදී විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්න පටන් ගත්තා. සංචාරකයන් පැමිණෙන නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. එක පැත්තකින් ගොවීන් ආහාර වගා කරන්න උදව් කරනවා, අනික් පැත්තකින් ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබනවා. මේ අංශ දෙක තුළින් රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට පටන් ගත්තා. මෙම ආර්ථික දියුණුව නිසා තමයි වසර දෙකක් අවසන් වීමට පෙර අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබුණේ. වෙන කිසිඳු රටක් මෙවැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මිදී නැහැ. නමුත් බංකොලොත් භාවයෙන් නිදහස් වන අතරම ඩොලර් බිලියන 08ක පමණ ණය සහනයක් ලබා ගැනීමට අපට හැකි වුණා.

අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි.

විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තීය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බවට අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදා බැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළයුතුයි.

ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ආයෝජකයන් අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට මෙන්ම අපනයන ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ආර්ථික දියුණුව ඇති වන විට පසුගිය අර්බුදය හමුවේ දුක් විඳි ජනතාව අප අමතක නොකළ යුතුයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙම ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ලබාදිමට මගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව කිවයුතුයි. එම ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදි මෙතෙක් සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහළ නැංවිමට කටයුතු කළා.

රටේ නව ආයෝජන සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට අප ආරාධනා කරනවා. එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව කිවයුතුයි.”

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved