Connect with us

පුවත්

රජයේ තොරතුරු පද්ධති 40ක් ගැන වාර්තාවක් කැඳවයි

Published

on

ඇමරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක මෘදුකාංගයක හටගත් තාක්ෂණික දෝෂයෙන් මෙරටට යම්කිසි බලපෑමක් සිදුව ඇතිද යන්න සෙවීම සඳහා රජයේ තොරතුරු පද්ධති 40ක් සම්බන්ධයෙන් වාර්තා කැඳවා තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ඡ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ එම තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන්නේ මයික්‍රොසොෆ්ට් ‍යෙදවුම් මත පදනම්වද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම වාර්තා කැඳවා ඇති බවය.

එමෙන්ම පෞද්ගලික ආයතන 4කට එහි බලපෑම් ඇතිවී ඇති බවත් නිලනොලත් වාර්තා අනුව බැංකු දෙකකට ද යම් බලපෑමක් සිදුව ඇති බවත් වාර්තා වී ඇති බව ඒ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අමෙරිකාවේ සයිබර් ආරක්ෂණ පද්ධති සපයන ආයතනයක් වන ක්‍රවුඩ්ස්ට්‍රයික් සමාගමේ ෆැල්කන් නම් මෘදුකාංගයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතු‍වෙන් ලොව පුරා රටවල් රැසක බැංකු, ගුවන් තොටුපොළ ඇතුළු ආයතන ගණනාවක කටයුතුවලට දැඩි බලපෑම් එල්ල විය.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved