Connect with us

පුවත්

ලංකා වාණිජ මණ්ඩල සභාපති හා ජාතික ජන බලවේගය අතර හමුවක්

Published

on

ඊයේ (01) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර  කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු විය.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’  ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලදී.  

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ද එක්ව සිටියහ.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved