Connect with us

පුවත්

අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

Published

on

අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක, හුණුපිටිය ගංගාරාම විහාරාධිපති, අතිපූජ්‍ය ආචාර්ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරු 4.30ට  පැවැත්වීමට නියමිතයි.

ඒ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට යාබඳ ක්‍රීඩාංගණයේ ය.

දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් ගිහි පැවිදි බොහෝ පිරිසක් පැමිණෙමින් සිටී.

මේ අතර, අතිපුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කළේ, අද පස්වරු 02.00 සිට රාත්‍රී 08.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා  එම විශේෂ රථ වාහන සැලැස්ම  විහාරස්ථානය අවට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවයි.

රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග වන්නේ,

පෙරහැර මාවතෙන් සහ ජිනරතන මාවෙතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ධර්මපාල මාවත, ජේම්ස් පිරීස් මාවත හන්දියෙන් ජේම්ස් පිරීස් මාවත දෙසට ඇතුළු වීම සීමා වෙයි.

ජිනරතන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර ජේම්ස් පීරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට ඇතුළු වීම සීමා වනු ඇති.

මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි අතර, අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි වනවා.

නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකි බවත්, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකි බවත් පොලිසිය සඳහන් කළේ ය.

මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුළු වීම වසා ඇති අතර ජිනරතන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීමද අදාල කාලය තුළ වසා තැබෙනු ඇති.

පොලිසිය පැවසුවේ රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීමද වසා ඇති බවයි.

ආදාහන පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා අල්ටෙයාර් ගොඩනැගිල්ල පිටුපස භූමියේ ඉඩ පහසුකම් වෙන්කර තිබේ.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved