Connect with us

පුවත්

තණමල්විල ජාතික පාසලේ සමූහ දූෂණය: විදුහල්පති, ගුරුවරයෙක් සහ ගුරුවරියන් 2ක් දැලේ

Published

on

සිය පාසලේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබන දැරියක් පාසලේම සිසු පිරිසක් විසින් සමුහ දූෂණය කළ සිද්ධියට අදාල තොරතුරු වසන් කළ සිද්ධිය වූ තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා, උප විදුහල්පතිවරයා සහ විනය කමිටුව භාර ගුරුවරියන් දෙදෙනෙක් තණමල්විල පොලිසිය විසින් අද (13) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැරිය පාසල් සිසුන් 22ක් විසින් අවස්ථා 07ක දී සමූහ දූෂණයට ලක් කර තිබූ අතර සිද්ධිය පිළිබඳව පාසල් විනය කමිටුවත්, විදුහල්පතිවරයාත් දැනුම්වත් වී සිටියත් ඔවුන් පාසලට අපකීර්තියක් වන බවට වූ අදහස මත මෙම අපරාධය පොලිසියට දැනුම් දී තිබුණේ නැත.

මේ වනවිට සිද්දියට සම්බන්ධව පාසල් සිසුන් 17ක් සහ සිසුවෙකුගේ මවක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව අධිකරණ වෛද්‍ය පරික්ෂණය භාරව සිටි තංගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම සාහසික අපරාධය වසන් කිරීමට සිසුවියට බලපෑම් කර එම සිසුවිය සිය දිවි නසා ගැනීමට කළ උත්සාහයක් සම්බන්ධව ලැබුනු පැමිණිල්ලක් මත පරීක්ෂණයකට යටත් කර තිබේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved