Connect with us

පුවත්

පැන්න අය ගැන පොහොට්ටුවෙන් තීරණයක්

Published

on

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර ගොස් වෙනත් ජනාධිපති අපේක්ෂකයන් වෙත සහය දැක්වීමට කටයුතු කර ඇති පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය කැඳවීමට නියමිත බවය.

එහිදී  පක්ෂයේ තීරණයට එරෙහිව ගිය සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා හා පළාත් පාලන සභිකයින් සම්බන්ධයෙන් පියවර ගැනීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන්ය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස විනය මණ්ඩලය කැඳවනු ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග පවසන්නේ, මේ වනවිට අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂය හැරගොස් ජනාධිපතිවරණයේ විවිධ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය ලබාදී ඇති බවයි.

මේ වන විට පොදුජන පෙරමුණේ  මතය සමඟ යමින් මන්ත්‍රීවරුන් 42ක් තවදුරටත් රැඳී සිටින බවද වාර්තා වේ.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved