Connect with us

පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වන සිකුරාදා දින අවසන් වීමට නියමිතය.

එමෙන්ම, තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.08.26 වන සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පුවත්

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව පැවසීය.

“ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% – 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි.”

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

පුවත්

නීතිවිරෝධී ධීවර කටයුතු කළ 76ක් නාවික හමුදා භාරයට

Published

on

By

තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් නාවික හමුදාව දන්වා සිටියේ, පසුගිය දෙසතිය තුළ එනම්, මැයි 26 සිට ජුනි 07 දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් මෙම පිරිස සිය භාරයත් ගත් බවයි.

ඒ අනුව යාපනය, කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු, කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම මඩකලපුව ‍පලමින්මාඩු යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු සහ නැගෙනහිර නාවික විධාන මගින් මෙම මෙහියුම් සිදුකර ඇත.

මෙහිදී තහනම් ධීවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම සැක‍කරුවන් නාවික හමුදා භාරයට පත්ව තිබේ.

එමෙන්ම ඩිංගි යාත්‍රා 20ක් සමග තහනම් ධීවර දැල් 17ක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය, ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබේ.

(ඡායාරූපය : navy.lk)

Continue Reading

පුවත්

කොළඹ පුරපති තීන්දුවට විපක්ෂයේ තීරණාත්මක හමුවක්

Published

on

By

කොළඹ මහ නගර සභා පුරපති සටනට විපක්ෂයෙන් ඉදිරිපත් කරන පුද්ගලයා පිළිබඳව අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොළඹදී අද (12) සාකච්ඡාවක් පවත්වන බව එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසයි.

සමගි ජන බලවේග නායකත්වය සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බව මුස්ලිම් කොංග්‍රසයේ නායකයා පැවසීය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායම් නායක ඇතුළු පිරිසක් ද සහභාගී වන බව ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ වනවිට කොළඹ මහ නගර සභාවේ පුරපති ලෙස විපක්ෂයෙන් රිසා සාරුක් යෝජනා කර තිබේ.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved