Connect with us

පුවත්

අමරවීරට  කේන්ති යයි

Published

on

මෙවර යල කන්නයේදී වී මිල දී ගැනීමට මුදල් ලබා නොදෙන්නේ නම් වී අලෙවි මණ්ඩලය වහා ම තම විෂය පථයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබෙන බවට වාර්තා වේ.

වී මිල දී ගැනීමට මුදල් දිය නොහැකි නම් වී අලෙවි මණ්ඩලය මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස ද අමාත්‍යවරයා සිය ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.

වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට එම ලිපියෙන් චෝදනා කර ඇත.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නම් වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ තබා ගැනීම පලක් නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට යොමු කළ ලිපියෙහි අවධාරණය කර ඇත.

එම නිසා වී අලෙවි මණ්ඩලය වහාම තම විෂය පථයෙන් ඉවත් කර එය මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස ඇමතිවරයා ජනාධිපති ලේකම්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තා වේ.

මෙවර යල කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගත්ත ද, වී සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා ගොවි ජනතාව මහත් අසරණභාවයට පත්ව සිටින බව ද යොමුකළ ලිපියෙහි සඳහන්ය.

කීරි සම්බා අස්වැන්න ද ඉතාමත් ඉහළ මට්ටමක පැවැතියත් කීරි සම්බා වී සඳහා සාධාරණ මිලක් ගොවි ජනතාවට නොලැබෙන බවට අමාත්‍යවරයා චෝදනා කරයි.

වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් රජයක් ලෙස වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදී ගැනීම සිදුකළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

එහෙත් පසුගිය කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත් මුදල් අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතා ම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින් මුදල් දීම ප්‍රතික්ෂේප කරන බවට ඇමතිවරයා සිය ලිපියෙන් චෝදනා කර තිබෙන බව සඳහන්ය.

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved