Connect with us

පුවත්

හකීම්ගෙන් බිලියන 2ක් ඉල්ලා අනුරගෙන් එන්තරවාසියක්

Published

on

සිය පාර්ලිමේන්තු කතාව විකෘති කරමින්, සිදු කළ ප්‍රකාශයකට එරෙහිව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට එන්තරවාසියක් යොමු කර තිබේ.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් යොමු කර ඇති මෙම එන්තරවාසියේ සඳහන් වෙන්නේ 2024 අගෝස්තු 19 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී, කාත්තන්කුඩිහි පිහිටි මැරයින් මහල් උත්සව ශාලාවේ පැවති රැස්වීමකදී රවුෆ් හකීම් මහතා විසින් අනුර දිසානායක මහතා සිදු කළ කතාවක් බව පවසමින් දමිළ භාෂාවෙන් අපහාසාත්මක, ව්‍යාජ, ද්වේෂසහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවය.

“අනුර කුමාර දිසානායක කියනවා සෑම මුස්ලිම් අම්මා කෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදීන් බිහිවෙනවා කියලා, ඔහු පාර්ලිමේන්තුවේදී කිව්වා සෑම මුස්ලිම් අම්මාකෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදය වර්ධනය වෙනවා කියලා” යනුවෙන් රවුෆ් හකීම් මහතා අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් විකෘති කරමින් මෙහිදී ප්‍රකාශයක් සිදු කර ඇති බව එම එන්තරවාසියේ සඳහන්ය.

රවුෆ් හකීම් මහතාගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ රූපවාහිනී නාලික ඔස්සේ මෙන්ම ෆේස්බුක් වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින්ද ප්‍රචාරය වී ඇති බව  නීතීඥ මංජුල බාලසූරිය මහතා එන්තරවාසිය යොමු කරමින් පෙන්වා දෙයි.

ඒ අනුව, සිය සේවාදායකයා වන අනුර කුමාර දිසානායක මහතාට මෙම ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටිමින් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර රුපියල් බිලියන 2ක (2,000,000,000) මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස එමඟින් රවුෆ් හකීම් මහතා වෙත දැනුම් දී තිබේ.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved