Connect with us

පුවත්

ජනපති වරද බාරගන්නා බව කියයි

Published

on

ආගම, ජාතිය මුල් කර ගනිමින් තමා කිසිදා දේශපාලනය නොකළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මුස්ලිම් ජනතාවගේ අයිතින් සුරැකීමට තමා කවදත් කැපවු බවත්, 2022 ජූලි 09 වැනිදා කිසිවෙකු භාර නොගත් රට තමා භාරගත්තේ සියලු ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර පොතුවිල් ජලාල්දීන් ක්‍රීඩාංගණයේදී ඊයේ (23) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

රට පත්ව තිබූ අසීරු අවස්ථාවෙන් ගොඩගැනීමට තමන් ඉදිරිපත් වූයේ පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයකු ලෙස බවත්, එලෙස රට භාරගෙන ජනතාව විඳි පීඩාවෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“පොතුවිල් නගරය සංවර්ධනය කිරීම සඳහා මුෂාරෆ් මන්ත්‍රීවරයා කරගෙන යන මෙහෙවර ප්‍රශංසනීයයි.. බඩගින්නට ආගමක් ජාතියක්, පක්ෂයක් නැහැ.. මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම සිතිය යුත්තේ ශ්‍රී ලාංකිකයන් ලෙසයි.. 2022 වසරේ මැයි මාසය වන විට අපේ ජනතාව කුසගින්නේ සිටියේ.. ආහාර,ඉන්ධන, ගෑස්, පොහොර තිබුණේ නැහැ.. කන්න දෙකක් වගා කර තිබුණෙ නැහැ.. මා රට භාරගත්තේ මෙවන් අවස්ථාවකයි.. එම අවස්ථාවේ කිසිදු නායකයෙක් රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැහැ.. පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබු මන්ත්‍රීවරයකු ලෙස මා රට බාරගෙන ජනතාව විඳි පීඩාවෙන් ඔවුන් මුදවා ගැනීමට කටයුතු කළා.. ජනතාවට ජීවත්වීමට හැකි පරිසරයක් සකස් කර දුන්නා.. ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීම නිසා 2023, 2024 සියලුම කන්න සාර්ථක වුණා.. කිසිම කුඹුරක් වගා නොකර සිටීමට අප ඉඩ දුන්නේ නැහැ.. පුරන් කුඹුරු ලංකාවේ තිබුණේ නැහැ.. මේ දේ සිදු කළ නිසා සජිත් කියනවා දැන් එයාට රට භාර දෙන්න කියලා.. සජිත් ප්‍රේමදාස මහත්තයට ජනතාවගේ දුක එදා තේරුනේ නැද්ද? එදා ජනතාවගේ දුක තේරුණා නම් අගමැතිකම සහ ජනාධිපතිකම ගන්න තිබුණා.. සජිත් ප්‍රේමදාස මහතා එදා හිතුවේ තමන් ගැන පමණයි.. ඒ නිසා එතුමා ජනතාවගේ පීඩාව බාරගන්නේ නැතුව පැන දිව්වා.. දැන් එතුමන්ලා වේදිකාවට නැගලා මට දොස් කියනවා.. ජනතාවට කෑම දුන්න නිසා, ඉන්ධන දුන්න නිසා විපක්ෂය මට චෝදනා කරමින් සිටිනවා.. ජනතාවගේ කුසගින්න නිවන එක වැරැද්දක් නම් මම එම වරද බාරගන්නවා.. ඉන්ධන ලබාදුන් එක වැරැද්දක් නම් මම එයත් භාරගන්නවා.. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න නොහැකි වු විපක්ෂයේ කණ්ඩායම් අද රට ඉල්ලමින් වේදිකාවල කෑගසමින් සිටිනවා..”

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්.මුෂාරෆ් මහතා විසින් එම ජනරැළිය සංවිධානය කර තිබු අතර ඒ, සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අලී සබ්‍රි රහීම්, ඉශාක් රහුමාන්, හිටපු අමාත්‍යවරුන් වන අනෝමා ගමගේ, ශ්‍රියානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් හා විශාල ජනතාවක් එක්ව සිටියහ.

එම ජන රැලියට එක්වූ ජනතාව සිය ජංගම දුරකථනවල ආලෝකය දල්වමින් ජනාධිපතිවරයාව මහත් හරසරින් යුතුව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 09ක විවිධ පක්ෂ නියෝජනය කරන සභාපතිවරුන්, උපසභාපතිවරුන් සහ මන්ත්‍රීවරුන් 12දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහාය ලබාදෙන බවට සඳහන් කර තිබුණි.

අනතුරුව ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ ආරාධනය මත ජනාධිපතිවරයා අක්කරෙයිපත්තු ජල උද්‍යානයේදී  ඊයේ (23) පස්වරුවේ පැවති ජාතික ක්‍රොංග්‍රසයේ 20 වන පක්ෂ සමුළුවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

පුවත්

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙස දැනුම්දීමක්

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට

Published

on

By

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමක් සිදුවිය.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

Continue Reading

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved